
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශ රටවලින් ආනයනය කරන ලද උපකරණ යොදාගෙන කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට පහසුකම් සලසමින් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙයවූ කළුතර උතුර වස්කඩුව නිවාඩු නිකේතනයක හිමිකරු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් අද (07) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා පානය සඳහා යොදාගත් උපකරණ දෙකක් ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක්,කේරල ගංජා ග්‍රෑම් 20 ක් , රාත්‍රී සමාජ ශාලා සඳහා බහුල වශයෙන් යොදා ගන්නා ඩාන්සින්
ටැබ්ලට් යනුවෙන් හඳුන්වන පෙති 7 ක් , පුරුෂ ශක්තිය උද්දීපනය කරන පෙති 20 ක් , අඩි හතරක් පමණ උසින් යුත් සරුවට වැඩුණු ගංජා ගස් හතරක් , ජංගම දුරකථන 6 ක් , ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 64,000 ක මුදලක් හා ත්‍රීරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ඇඩ් එක බලලා වෙන්න ඇති.