(විනීතා එම් ගමගේ)
රක්වාන ගඟ දෙපස මී, කූඹුක් හා කෝන් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් මේ මස 10 වැනිදා පෙරවරු 8 ට රක්වාන දෙණියාය පාරේ, ගල්දොර පාලම අසලින් ආරම්භ කෙරේ.

රක්වාන ගඟේහි ජලය අඩුවෙමින් පවතින බැවින් මෙසේ පෝෂක ප්‍රදේශ රැක ගැනීම සඳහා මෙම පැළ සිටුවීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරන බව ජල සම්පාදන අමාත්‍යංශ්‍ය කියයි.
ගොඩකවෙල ජල සම්පාදන ක්‍රමයට ජලය ලබාගන්නා රක්වාන ගඟේ ජලය අඩුවන්නට හේතුව මිනිස් ක්‍රියාකාරම්වලින් ගඟේ පෝෂක ප්‍රදේශවලට හානි සිදුවීම යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.
සිංහරාජ වනාන්තරයෙන් රක්වාන ගඟ ආරම්භ වන අතර එම ප්‍රදේශවල වනාන්තර කැපීම මෙන්ම ජලපෝෂක ප්‍රදේශවලට අහිතකර වන අන්දමේ ඇකේෂියා ෆයිනස් වැනි ශාකයන් සිටුවීම ද මෙසේ ජලහිඟයක් ඇතිවීමට බලපා ඇතැයි පැවසූ නානායක්කාර මහතා මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා රක්වාන ගඟ ආශ්‍රිතව පැළ 2500 ක් සිටුවීමේ ව්‍යාපෘතියක ආරම්භ කළ බව ද කීය.
ජල සම්පාදන අමාත්‍යංශ්‍ය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රක්වාන ප්‍රාදේශිය සභාව රක්වාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග රක්වාන පරිසර සංවිධානය මේ සඳහා එක්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩ. සිංහරාජයේ සහ විල්පත්තුවේ අවුරුදු සියගණනක් පැරණි ගස් කපනවා. ඉස්සො වගාවට විල්ලු හාරනවා. කැලෑ ගිනිතියනවා. පිට්ටනිවලට රක්ෂිත එලි කරනවා. ගංගා, වැලි ඉවක් බවක් නැතිව ගොඩදානවා. අන්තිමට "උපදෙස් දීපු අය නොව, ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු අත්අඩංගුවට ගන්නවා" ඔය බොරු වැඩ නොකර ඉතුරු කැලෑ ටිකත් කපලා දාලා, ඔක්සිජන් නැතුව කට්ටිය සමග සමාදානයේ සැතපෙමු...
මේවා දැකල වත් දේශපාලකයන් හැදෙයිද? රටේ මිනිස්සුන්ගෙන් සියයට 99 ක්ම පරිසරයට ආදරෙයි. එහෙම නැත්තේ දේශපාලකයින් විතරයි. වැසි වනාන්තර රක්ෂිත කැලෑ එළිකිරීම් සිද්ධ වෙන හැමතැනම එහෙම සිද්ධ වෙන්නේ දේශපාලකයින්ගේ අනුදැනුම, බලය පාවිච්චි කිරීම සහ ආධාර මත...