පරිප්පු වෙනුවට බඩඉරිඟු කමු පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කෑම සුදුසු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවට බඩ ඉරිඟු කිලෝ 10ක් පමණ රැගෙන ආ බව පාර්ලිමේන්තු ආරංචි පවසයි. 09 September 2020
රුපියල් 20 කට දරුවකු අපයෝජනය කරලා රුපියල් විස්සක මුදලක් ලබාදෙමින් අට හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු අවස්ථා කිහිපයකදිම අපයෝජනය කලේ යැයි කියන 60 හැවිරිදි මාලු වෙළෙන්දෙකු ඇටවීරගොල්ලෑවේදි අත් අඩංගුවට ගත්බව කැබිතිගොල්ලැව පොලිසිය කියයි. 09 September 2020
කාසල්රි - මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ජලාශ භාර ඉංජිනේරු පවසති. 09 September 2020
යක්කලමුල්ලේ ගැමියෝ පාරට බසිති යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්ලල මුල්ලේ පවත්වාගෙන යනු ලබන ගල්කොරි දෙකක් හේතුවෙන් තමන්ගේ ජීවිත අවදානමකට පත්ව ඇතැයි පවසමින් ගල්ලල මුල්ල ප්‍රදේශවාසීන් අද (09) උද්ඝෝෂණයක නිරත වූහ. 09 September 2020
පුත්තලම-කොළඹ මාර්ගයට ගසක් කඩා වැටෙයි ගසක් කඩා වැටීමෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමනාගමනය මාදම්පේ ප්‍රදේශයේ දී පැයකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන් නැවතී ගිය බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඒ.එම් .ආර්.එන්.කේ.අලහකොන් මහතා පැවසීය. 09 September 2020
බඹරු ඇනීමෙන් දැරියක් මරුට තිදෙනකු රෝහලේ වව්නියාව ඕමන්ත, නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී බඹරුන් ඇනීමෙන් අවුරුදු 3 ක් වයසැති දැරියක් මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කර ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි. 09 September 2020
නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවැනි ගින්නත් නිවා දමයි නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ හටගත් දෙවැනි ගින්න ද අද (9) අලුයම් කාලයේදී සම්පූර්ණයෙන් නිවා දැමූ බව නාවික හමුදාව පවසයි. 09 September 2020
කොළඹ-මහනුවර මාර්ග ධාවනයට බාධා කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන නගරාසන්නයේදී අද(09) කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළීම නිසා වාහන ධාවනයට බාධා එල්ල වී තිබේ. 09 September 2020
සිරකරුවකුට දීමට සූදානම් කර තිබූ ලක්ෂ 10ක හෙරොයින් සොයාගනී මාතර මහාධිකරණයේ නඩුවකට ඉදිරිපත් කිරීම සදහා රැගෙන එමින් සිටි රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිරකරුවෙකුට ලබා දීමට සූදානම් කර තිබු බව කියන රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග තිදෙනෙකු සැක පිට ප්‍රශ්නකිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. 09 September 2020
වැස්සෙන් මහනුවර ප්‍රා.ලේ. කොට්ඨාස 10ක ජනයා පීඩාවට මධ්‍යම පළාත පුරා පසුගිය දින කිහිපය තුළ පැවැති අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පවුල් 135 කට අයත් පුද්ගලයින් 508 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. 09 September 2020
කල්පිටියෙන් අත්අඩංගුවට ගත් රන් තොගයේ වටිනාකම කෝටි 10 කට ආසන්නයි කල්පිටිය තිහලිය ප්‍රදේශයේ දී අද (8) අත්අඩංගුවට ගත් රත්තරං වල වටිනාකම රුපියල් නව කෝටි පනස් තුන්ලක්ෂ හයසිය තිස් හයක් බව ශ්‍රී ලංකා රේගුව සනාථ කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය. 09 September 2020
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 කට කොරෝනා කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (08) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3140 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 08 September 2020
කළුතර බන්ධනාගාරයෙන් කාන්තා රැඳවියෙක් පළායයි හොරෙයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන කළුතර බන්ධනාගාරය තුළ රඳවා සිටි කාන්තා රැඳවියෙකු අද (08) සවස සිවිලිම කඩාගෙන පලාගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. 08 September 2020
ගව ඝාතනය නතර කරන්න ගෙන ආ යෝජනාවට අනුමැතිය මෙරට තුළ ගව ඝාතනය නතර කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත. 08 September 2020
ගසකට යටවී මියගිය දරුවාගේ මරණයට සැකපිට ගස කැපූ පුද්ගලයා අත්අඩංගුවට කපමින් තිබූ සියඹලා ගසකට යටවීමෙන් අවුරුදු 11 ක දරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගස කැපූ පුද්ගලයා අද (08) අත්අඩංගුවට ගත්බව කන්දකැටිය පොලිසිය පැවසීය. 08 September 2020
හෙරොයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 5 ක් සහ රුපියල් ලක්ෂ 20 ක් රැගෙන කැබ් රථයකින් යමින් සිටි පුද්ගලයෙකු අද (08) ඌරගහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොස්ගොඩ පොලිසිය පැවසීය. 08 September 2020
‘නිව් ඩයමන්ඩ්‘ නැව ඇති මුහුදු ප්‍රදේශයේ තෙල් පැල්ලම් ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමකට ලක් වූ ‘එම්.ටී නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාව වටා කිලෝමීටරයක මුහුදු ප්‍රදේශයේ කළු පැහැ තෙල් පැල්ලම් දක්නට ලැබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය. 08 September 2020
20 ට එරෙහිව මාදුළුවාවේ සෝභිත හිමි පිළිරුව අබියස විරෝධතාවක් ‘19 න් ඉදිරියට‘ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය ඉදිරිපිට පිහිටි මාදුළුවාවේ සෝභිත හිමිගේ පිළිරුව අබියසදී අද (08) පස්වරුවේ පැවැත්විණ. 08 September 2020
20 පරදවන්න සජිත් පෙරමුණ ගනී රට කොඩිවිනයක් බවට පත්ව ඇති විසිවන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට තමන් නායකත්වය ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(8) පැවසීය. 08 September 2020
හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට නීති විරෝධී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට සැකකෙරෙන පුද්ගලයෙක් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 787 ක්ද සමඟ විසින් අද (08) බදුල්ල පස්සර මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය. 08 September 2020
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කැමති සේවකයින්ට අඩ වැටුප් සමඟ නිවාඩු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කැමති කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට අඩ වැටුප් ගෙවා නිවාඩු ලබා දීමට එහි කළමණාකාරිත්වය තීරණය කර ඇත. 08 September 2020
අපේ ජනබල පක්ෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පක්ෂයේ සභාපතිවරයා පත් කරන නියෝගයක් මැතිවරණ කොමිසමට නිකුත් කරන්නැයි ඉල්ලා අපේ ජනබල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (8) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 08 September 2020
‘නිව් ඩයමන්‘ නෞකාවේ කාර්ය මණ්ඩලයේ 20 ක් නිරෝධායනයට ගිනි ගැනීමට ලක්ව ඇති නිව් ඩයමන් ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු නිරෝයාන කටයුතු සදහා යොමුකළ බව නාවික හමුදාව කියයි. 08 September 2020
කේරල ගංජා කිලෝ 68 ක් අල්ලයි පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ 68ක් , සුඛෝපභෝගී වාහන දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (8) සවස අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි. 08 September 2020
රටවල් 10 ක රාජ්‍යතාන්ත්‍රිකයෝ විදේශ අමාත්‍යාංශයට කැදවති විදේශ රටවල් 10ක සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු නැවත විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇතැයි රජයේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 08 September 2020
මරණ දණ්ඩනය නියම වූවෙක් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම කළු පැල්ලමක් මරණ දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් පාර්ලිමේන්තු ඉතිහාසයට මකා දැමිය නොහැකි කළු පැල්ලමක් එක්වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී අද (8) පැවසීය. 08 September 2020
බාල වයස්කාර දැරියන් තිදෙනකුට අතවර කළ අයෙක් අත්අඩංගුවට බාල වයස්කාර දැරියන් තිදෙනාට බරපතළ ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සාමාජිකයෙකු යයි කියාගන්නා පුද්ගලයෙක් අද ( 8 ) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි . 08 September 2020
රජවක රක්ෂිතයේ වල්ලපට්ට කැපූ තිදෙනාට දඩ බලන්ගොඩ රජවක රජයේ රක්ෂිතයට ඇතුළු වී වල්ලාපට්ට කැපීමේ ජාවාරමක නිරත වු තිදෙනෙකුට රුපියල් 135,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (08) නියෝග කළේය. 08 September 2020
පුරාවිද්‍යා රක්ෂිතයක නා ගස් කැපූ 5දෙනා රිමාන්ඩ් පුරාවිද්‍යා රක්ෂිතයකට ඇතුළු වී නා ගස් කපා ට්රැක්ටරයකින් ප්‍රවාහනය කිරීමේ චෝදනා යටතේ බක්කිඇල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකරුවන් 5දෙනෙකු සැප්තැම්බර් 17 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකා හෙට්ටිවත්ත මහත්මිය නියෝග කළාය. 08 September 2020
ඉන්දීය කොංග්රස් පක්ෂයෙන් නව උපායක් පාර්ලිමේන්තුවේ නව සැසිවාරයට නව උපායමාර්ගයක් යටතේ පිවිසීමට ඉන්දියාවේ කොංග්රස් පක්ෂය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. 08 September 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026