IMG-LOGO

2025 මැයි මස 30 වන සිකුරාදා


ඉන්දීය කොංග්‍රස් පක්ෂයෙන් නව උපායක්

පාර්ලිමේන්තුවේ නව සැසිවාරයට නව උපායමාර්ගයක් යටතේ පිවිසීමට ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය සැළසුම් කර ඇතැයි වාර්තා වේ.්‍

කොංග්‍රස් පක්ෂයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අද (8)  පැවැත්වෙන සාකච්ඡාවේදී එම උපායමාර්ගය තීරණය කිරීමට නියමිත යැයි ද වාර්තා වේ.

 පක්ෂයේ පාර්ලිමේන්තු උපායමාර්ගික කණ්ඩායමේ ප්‍රධානීත්වය දරනු ඇත්තේ කොංග්‍රස් පක්ෂයේ සභාපති සෝනියා ගාන්ධි ය.
 
ඊට රාහුල් ගාන්ධි, ගුලාම් නාබි අසාද්ල ආනන්ද ෂර්මාල ඒ.කේ. ඇන්තනි,  අහ්මෙඩ් පටෙල්ල ජයිරාම් ෂර්මා, කේ.සී.  වෙනුගෝපාල්, අදීර් රන්ජන් චෞද්රි,  ගෞරව් ගොගෝයි, කේ. සුරේෂ් මානික්කම් තාගෝර් සහ රන්වීත් සිං බිට්ටු යන පක්ෂයේ ප්‍රභලයන් සහභාගී වීමට නියමිත ය.
 
 කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ ද සෝනියා ගාන්ධි ය. පාර්ලිමේන්තුවේ දී විමසිය යුතු ප්‍රශ්න සහ විවාදයට ගත යුතු කරුණු සම්බන්ධයෙන් මෙම කණ්ඩායම මෙහිදි සාකච්ඡා පවත්වනු ඇත.
 
භාරතීය ජනතා පක්ෂය සහ ෆේස්බුක් සමාගම ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය. ඉන්දු-චීන දේශසීමා අර්බුදය,  වත්මන් ආණ්ඩුව කොවිඩ්-19 වසංගතය කළමනාකරණය කරන ආකාරයල රටේ ආර්ථික අර්බුදය සහ දළ දේශීය නිෂ්පාදිතය කඩා වැටීම, භාණ්ඩ සේවා බදු සහන,  රැකියා අහිමි වීම සහ කෘෂිකර්මාන්තය මුහුණ පා සිටින අර්බුදය යනාදිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත ය.
 
විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ එක්ව කටයුතු කරමින් ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විරෝධයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ද කොංග්‍රස් පක්ෂයේ අවධානය යොමු වී තිබේ.
 
 ‘හින්දුස්තාන් ටයිම්ස්’
  055



අදහස් (0)

ඉන්දීය කොංග්‍රස් පක්ෂයෙන් නව උපායක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 258 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 577 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site