අටලුගම දී පොලිස් නිලධාරින්ට පහරදුන් 5 ක් රිමාන්ඩ් බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හය දෙනාගෙන් පස් දෙනෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සමිතා කුමාරි බණ්ඩාර මහත්මිය අද (10) නියෝග කළාය. 10 September 2020
‘නිව් ඩයමන්‘ නැව නාවික සැතපුම් 50 ක් ඈතට ගෙන යයි සංගමන්කන්ද ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබූ ‘නිව් ඩයමන්‘ ඉන්ධන නෞකාව අද (10) වනවිට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් නාවික සැතපුම් 50 ක් පමණ ගැඹුරු මුහුදේ ආරක්ෂිතව රඳවා තබාගෙන සිටින බව නාවික හමුදාව කියයි. 10 September 2020
මිලියනයක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගේ මෙහෙයවීම මත කුඩු බෙදා හැරීමේ යෙදී සිටි කාන්තාවක් හා තරුණයකු රුපියල් මිලියනයක හෙරොයින් තොගයක්ද සමඟ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේදී අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. 10 September 2020
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව සභාපති කරු සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව සභාපතිවරයා වශයෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පත්කර තිබේ. 10 September 2020
නිරෝධායනය වෙමින් සිටි ගැබිනි කාන්තාවක් ඇතුළු 4 කට කොරෝනා හබරාදුව කොග්ගල ප්‍රදේශයේ දි හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි මාලදිවයිනේ සිට පැමිණි ශ්‍රි ලාංකිකයින් 05 දෙනෙකුට පි. සි.ආර්. පරික්ෂණවලදී කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වංසගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය. 10 September 2020
ලක්ෂ 12ක තහනම් කෘෂි රසායන තොගයක් අධිවේගයේදී අල්ලයි රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනාකමින් යුත් ග්ලයිෆොසෙට් ඇතුළු තහනම් කෘෂි රසායන තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේදී ලුණුගම්වෙහෙර පොලිසිය අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. 10 September 2020
‘විස්සේ ගැටලු ඇත්නම් කමිටු අවස්ථාවේ දී නිවැරදි කළ හැකියි’ දැනට ගැසට් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර කමිටු අවස්ථාවේදී සංශෝධනය කළ හැකි බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (10) පැවසීය. 10 September 2020
දුම්රිය ප්‍රමාදයක් මාර්ග අවහිරතාවයක් හේතුවෙන් කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කරන සියලුම දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 10 September 2020
සතිඅන්තයට සීමා වූ කන්කසන්තුරයට යන දුම්රිය අනිද්දා සිට දිගටම කොරෝනා වසංගතය හේතුවෙන් දැනට සතිඅන්තයේ පමණක් ධාවනය වන ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අනිද්දා (12) සිට දිනපතා ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 10 September 2020
ව්‍යවස්ථා සංශෝධනයට පෙර දේශපාලන පක්ෂ-සිවිල් සංවිධානවල අදහස් ගතයුතුයි නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විරෝධතාවයක් එල්ල වී ඇති අවස්ථාවක එය ගෙනඒමට හදිසිවන්නේ ඇයිදැයි තමන් රජයෙන් විමසා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී අද(10) පැවසීය. 10 September 2020
‘සිංහරාජ මායිමේ තේ සිටුවීම වහා නැවැත්විය යුතුයි’ හිමිකමක් ගැන පස්සේ බලන්න පුළුවන් සිංහරාජ ලෝක උරුම වනාන්තර මායිම එළි පෙහෙළි කිරිමත්, මායිමේ තේ සිටුවිමත් වතුකාර සමාගම් වහාම නැවැත්විය යුතු යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (10) පැවසීය. 10 September 2020
හෙරොයින් ජාවාරම්කරුවෙක්ට මරණ දඩුවම හෙරොයින් ග්‍රෑම් 29ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි හෙරොයින් ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මරණීය දණ්ඩනය නියම කළේය. 10 September 2020
වයෝවෘද්ධ සිරකරුවන්ට වෛද්‍ය පහසුකම් ලබාදෙන්නැයි උපදෙස් වැලිකඩ බන්ධනාගාරයේ ’ජී’ වාට්ටුවේ රඳවා සිටින ආබාධිත හා රෝගී තත්වයෙන් යුතු වයස අවුරුදු 70-90ත් අතර වූ වයෝවෘද්ධ සිරකරුවන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදෙන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහි රෝහල් බලධාරීන්ට උපදෙස් දී ඇත. 10 September 2020
බුදුරුව සහිත සාරියකින් සැරසී සිටි කාන්තාවක් පොලිස් බාරයට බුදුරුව සහිත සාරියකින් සැරසී නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට පැමිණි සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි. 10 September 2020
මාතර බන්ධනාගාරයේ සැරයන්වරියකට එරෙහිව පරීක්ෂණයක් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට සිය යතුරු පැදිය ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරයේ සැරයන්වරියකට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 10 September 2020
’දෙමටගොඩ චමින්ද’ගේ ගෝලයෙක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන් ම පාතාල නායකයෙකු වන ’දෙමටගොඩ චමින්ද’ගේ සමීපතම ගෝලයෙකු රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු සමග අද (10) කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි. 10 September 2020
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සැකී ජබ්බාර්ගේ සිරුර සොයාගනී ‘ද අයිලන්ඩ්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා නියෝජ්‍ය ප්රවෘත්තී කර්තෘවරයකු වශයෙන් සේවය කළ සැකී ජබාර් (60) මහතා සිය නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී ඊයේ (9) රාත්‍රියේ සිරුර සොයා ගෙන ඇත. 10 September 2020
ජනාධිපති දුන් ලීසිං සහනය ප්‍රෝඩාවක් වෙලාලු ජනපති ලබාදුන් සය මාසික ලීසිං සහනය ප්‍රෝඩාවක් වී ඇති බවත් ජනපති නියමය නොතකන ලීසිං සමාගම තමන්ට ලීසිං වාරික ගෙවන ලෙසට බල කරන බවත් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (10) පැවසීය. 10 September 2020
වැඩතහනම් වූ තැපැල් සේවකයා ලක්ෂ 3 ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට වැඩ තහනමට ලක් වූ තැපැල් සේවකයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු, මත්පෙති හා අයිස් මත්ද්‍රව්‍ය සමග බත්තරමුල්ල බටපොත ප්‍රදේශයේ ලැගුම්හලක් තුළදී අද 10 අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි . 10 September 2020
නලීන් බණ්ඩාර සැක සහිත මරණ ගැන පාර්ලිමේන්තුවේදී කියයි පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි ජපන් මිත්‍රත්ව පාලම අසළ කපා කොටා දැමූ මළ සිරුරක් අද හමුවීමත්, එවැනි බොහෝ සිදුවීම් මීට පෙරද වාර්තා වී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද(10) පාර්ලිමේන්තුවේදී කීවේය. 10 September 2020
මාදම්පේ තිනිපිටි වැවේ ජලජ ශාක ඉවත් කරති මාදම්පේ තිනිපිටි වැවේ වසර ගණනාවක පටන් වැවී ඇති සැල්විනියා ඇතුළු ජලජ ශාඛ ඉවත් කිරීමට එහි තරුණ පිරිසක් කටයුතු කළහ. 10 September 2020
ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය ගෙනඒම මසකින් කල්යයි ගවයින් ඝාතනය නතර කිරිමේ නීතිය ගෙන ඒම මසකින් කල් දැමීමට තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 10 September 2020
ණයට හෙරොයින් ගෙන මහාපරිමාණයෙන් අලෙවි කළ දෙදෙනෙක් අල්ලති ණයට හෙරොයින් ගෙන මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය නියැලුණු ප්‍රධාන සැකකරුවෙකු සහ ඔහුගේ සහයක අද (10) රාවතාවත්තේ දී අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි. 10 September 2020
මහජන දිනය සඳුදා රජයේ ආයතනවල මහජන දිනය සඳුදාට යොදාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය. 10 September 2020
ටී 56 උණ්ඩ හතරක් මත්තේගොඩ නිවසක මත්තේගොඩ පොල්ගස්ඕවිට පාරේ හුදකලා නිවසක තිබී ටී පනස් හය ගිනි අවි සදහා භාවිතා කරන උණ්ඩ හතරක් අද (10) අලුයම සොයාගත් බව මත්තෙගොඩ පොලීසිය පවසයි . 10 September 2020
ජල නලයක් පිපිරීමෙන් අම්බලන්ගොඩට ජල සැපයුම නවතී අම්බලන්ගොඩ නගරය සමීපයේ ඇති ප්‍රධාන මාර්ගයක් වන පීරිස් වෙද මාවතේ ජල නළයක් අද (10 ) අලුයම් කාලයේ පිපිරීයාමෙන් එම මාවත වසා දැමීමට අදාළ බලධාරීහු පියවර ගත්හ. 10 September 2020
ලක්ෂ 15 ක හෙරොයින් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට සුඛෝපභෝගී මෝටර් රථයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කුලියාපිටිය-පන්නල ප්‍රධාන මාර්ගයේ ඇලබඩගමදී අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි. 10 September 2020
සිසුවා මරුමුවට පත් කරමින් ත්‍රිරෝද රථ රියැදුරු පලා යයි රන්න-හුගම මාර්ගයේ බටඅත වංගුවේදී යතුරු පැදියක ත්‍රි රෝද රථයක් ගැටීමෙන් වූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් 12 හැවිරිදි පාසල් සිසුවකු අද(10) මියගොස් ඇතැයි හුගම පොලිසිය කියයි. 10 September 2020
’වෙලේ සුදා’ගේ සමීපතමයකු ඇතුළු තිදෙනෙකු දැලේ බන්ධනාගාර ගතව සිටින, සංවිධානාත්මක පාතාල කල්ලි නායකයකු වු ’වෙලේ සුදා’ සමග සමීප සම්බන්ධතා පැවැත්වු සැකකරුවකු හා ඔහුගේ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඉමදුව ඇල්ලලගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් ඉමදුව පොලිසිය පවසයි. 10 September 2020
බුස්සේ රැඳවියෝ 39ක් ආහාර වර්ජනයක බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45දෙනාගෙන් 39දෙනෙකු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (10) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 10 September 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026