
(නිමල කොඩිතුවක්කු)
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව සභාපතිවරයා වශයෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පත්කර තිබේ.
එම ව්‍යාපාරයේ නියෝජිතයන් ඉකුත්දා (7) කැඳවූ විශේෂ හමුවකදී එහි සභාපති ධූරයට කරු ජයසූරිය මහතා ඒකමතිකව පත් කරගෙන ඇත.
අපවත් වී වදාළ කෝට්ටේ නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2012 වසරේදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ආරම්භ කෙරිණ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය සහ ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීම වෙනුවෙන් එම ව්‍යාපාරය කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කළේය.
උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව එම ධූරයට මහාචාර්ය සරත් විජේසූරිය මහතා පත්කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතිව ඔලුවට බර පටවා ගන්න යනවා.
යහපාලනය කියන වචනය නැත්තටම නැති කළා. සාධාරණ කියන වචනයටත් ඒ ටිකම කරන්නයි හදන්නේ..
ඔන්න ඔහොමයි මිනිස්සුන්ව පැත්තට කරන්නේ...