
(ඉන්දිකා රාමනායක)
සංගමන්කන්ද ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබූ ‘නිව් ඩයමන්‘ ඉන්ධන නෞකාව අද (10) වනවිට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් නාවික සැතපුම් 50 ක් පමණ ගැඹුරු මුහුදේ ආරක්ෂිතව රඳවා තබාගෙන සිටින බව නාවික හමුදාව කියයි.
නෞකාව අයත් ගැලවුම්කාර සමාගමේ විශේෂඥයින් කණ්ඩායමක් අද (10) දින ද නෞකාවට ගොඩවී නිරීක්ෂණය කරමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
මේ අතර නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් ද අද දිනයේ නෞකාවට ගොඩවී නිරීක්ෂණ කටයුතු සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
නැවෙන් මුදා හැර තිබූ තෙල් පැල්ලම් සම්බන්ධයෙන් සහ නෞකාවේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට කිමිදුම්කරුවන් පිරිසක් ඒ වෙත යොමු කිරීමට සැලසුම් කර තිබුණ ද මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් එම කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
නැවේ හටගෙන තිබූ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් නිවා දමා ඇති අතර මේ වනවිට නෞකාව දෙසින් කිසිඳු දුමක් දක්නට නොලැබෙන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතැනින් ඔහොම්මම අරගෙන ගියාම වන්දි නැහැ. තෙල් ටිකත් නැහැ. අන්තිමේ පරණ යකඩ ටිකවත් නැතිවෙනවා.