
(දයාරත්න ඇඹෝගම)
රුපියල් විස්සක මුදලක් ලබාදෙමින් අට හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු අවස්ථා කිහිපයකදිම අපයෝජනය කලේ යැයි කියන 60 හැවිරිදි මාලු වෙළෙන්දෙකු ඇටවීරගොල්ලෑවේදි අත් අඩංගුවට ගත්බව කැබිතිගොල්ලැව පොලිසිය කියයි.
සිද්ධියට ලක්වු මෙම වින්දිත පිරිමි දරුවාත් මෙම සැකකාර මාළු වෙළෙන්දාත් අසල්වාසින් බව පොලිසිය කියයි.
මෙම දරුවාගේ මව විදෙස්ගතවී ඇති අතර දරුවා සිය මිත්තණිය සමග ජිවිත්වෙති. පසුගිය දාක මෙම සැකකාර මාළු වෙළෙන්දා වින්දිත පිරිමි දරුවාගේ නිවසට ගිය අවස්ථාවේදි පිරිමි දරුවා විසින් ඔහු ගෙන් රුපියල් විස්සක මුදලක් ඉල්ලා ඇති අතර එම මුදල දිමට තම නිවසට එන්නට යැයි සැකකරු පවසා ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව රුපියල් විස්සක මුදලක් ඉල්ලා සැකකරුගේ නිවසට ගිය දරුවා අපයෝජනය කොට රුපියල් විස්සක මුදලක් ලබාදි නිවසට යවා තිබේ.
මේ ආකාරයට සැකකරු විසින් රුපියල් විස්සක මුදලක් ලබාදි අවස්ථා කිහිපයකදිම දරුවා අපයෝජනය කර ඇතැයි පොලීසිය කියයි.
මෙම දරුවා නිතර සැකකරුගේ නිවසට යාම සම්බන්ධයෙන් සැකකල අසල්වැසි කාන්තාවක් දරුවා සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේදි ඇයද පසුපසින් ගොස් පරික්ෂා කිරිමේදි සැකකරු දරුවා අපයෝජනය කරනා ආකාරය දැක ඒ බව පොලිසියට පැමිණිලි කොට තිබේ.
එම පැමිණිල්ල මත සැකකරු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.ඔහු අද (09)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කරපු කෙනා කියාවි හෘද සාක්ෂිය අනුව එයා නිර්දෝෂයි කියලා...
අයියෝ, රටට වෙලා තියෙන විපතක්. පාලකයින් බල තණ්හාවට ව්‍යවස්ථා බදාගෙන. රටේ අනාගත පරම්පරාව විකෘති ගෝත්‍රික පිරිමි විනාශ කරනවා පෙනෙන්නේ නැහැ. නීති ගේන්න ඕනේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට... නමුත් පාලකයින් නීති ගේන්නේ තමන්ගේ පැවැත්මට සහ ආරක්ෂාවට.
වෙහෙර විහාරස්ථානවල ඔවැනි දේවල් සිද්ද වෙන්නේ නොමිලේ...!!!
දේශපාලකයන් පසුපස යනවාට වඩා බොහෝ වටිනා දේවල් කරන්න භික්ෂූන් වහන්සේලාට තියෙනවා.