
(අජන්ත කුමාර අගලකඩ)
මෙරට තුළ ගව ඝාතනය නතර කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා 1 අද (08) පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
අගමැතිවරයා ඊට අදාල යෝජනාව ඉදිරිපත් කර ඇති අතර මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ එකඟතාව ඊට පළවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගව ඝාතනය නතර කිරීම අගමැතිතුමාගේ ඉතාම හොඳ යෝජනාවක්. හැබැයි බන්දුල ගුණවර්ධන යෝජනා කරපු විදිහට ගවමස් ආනයනය කරන්න ඉඩ දෙනවා නම් මේ තීරණයේ වටිනාකම අඩුවෙනවා...
මිනී මැරීම, ස්ත්‍රී දූෂණ, කප්පම් ගැනීම, ළමා අපචාර... ඒ ඔක්කොම පුළුවන්... හැබැයි මසට හදපු හරකෙක් නම් මරන්න එපා. ධර්ම ද්වීපය..!!!
හොඳ වැඩක්...!!! මම සත්තුන්ට ගොඩක් ආදරෙයි. නමුත් මෙතන යන්නේ වෙන වැඩක්ලු. ආණ්ඩුවේ ඉන්න ලොකුම ලොක්කෙක් මිනිහාගේ අසනීපය සුව වෙන්න කියලා බාරයක් වෙලාලු. මිනිහාට නැති ලෙඩක් නැහැ. ෆුල් පැකේජ් එකම තියෙන කෙනෙක්. ලොකු මිථ්‍යා දෘෂ්ටිකයෙක් එයා. ඉතින් ලෙඩ නම් සුවවෙලා නැහැල්ලු. නමුත් දෙවියන්ට වුණු පොරොන්දුව ඉෂ්ඨ කලේ නැතිනම් මියයනවා කියලා මන්තර කාරයෙක් කියලා. එහෙම නැතුව සත්තුන්ට ඇති ආදරේට කරන සත්ක්‍රියාවක් නොවෙයි.
හරකාට එක නීතියක්, කුකුලාට සහ අනික් සතුන්ට එක නීතියක්. එකම රටක්, එකම නීතියක්?
ගවයෙක් මරලා හිරේ යනවට වඩා හොඳයි, මිනිහෙක් මරලා පාර්ලිමේන්තු යන එක.. !
දැනට හරක් මස් පරිභෝජනය කරන්නන් සඳහා ඒ මිලටම හෝ ඊට ආසන්න සාදාරන මිලකට එය ලබාදිය නොහැකි නම්, මෙය පවතින ප්‍රශ්න යටගැසීම සඳහා ගත් ඉතාමත් අනුවණකාරී ක්‍රියාවක් සේ දකිමි.
කරනවා නම් ආයේ වටේ කැරකි කැරකි බොරු යෝජනා දදා ජනතාව අන්දන්නේ නැහැ. අලි සබ්‍රිට කියලා 20 ගෙනාවා වගේ අවශ්‍ය නීති කෙටුම්පත පැය 24න් ගෙනැල්ලා කැබිනට් අනුමත කරලා පාර්ලිමේන්තු ගේන්නකෝ. නැත්තන් මහින්ද මේ ජීවිතේටම බුද්ධ ශාසන ඇමැති වුණාමද? මහා ව්‍යක්ත විජේදාස රාජපක්ෂට පුද්ගලික යෝජනාවක්, කෙටුම්පතක් ලෙස ගේන්න බැරියැ. මොකෝ දැන් ඉන්නවා කියන්නේ සිංහල, බෞද්ධ දේශප්‍රේමීන් පමණක් ඉන්න පිරිසිදු ආණ්ඩුවක්ලුනේ...
මහින්ද, මෙය ඔබ ගත් හොඳ තීරණයක්...
බොහොම අගෙයි මේ ගැන යෝජනාව... නියමයි... ඇත්තටම සතුටුයි.
ඔබතුමා ජනාධිපති කාලේ ඔය යෝජනාව ක්‍රියාත්මක කළා නම් මේ රට මෙලහකටත් කිරිවලින් ස්වයංපෝෂණය වෙලා. හරක් හොරකම් නැවතිලා..
මහින්ද මහතා ගෙනා යෝජනාව අනුව ගවමස් පිටරටින් ගෙන ආ හැකි බවද කියා ඇත. එතකොට ඒ රටවල ගවයන් මැරුවට කමක් නැතිද? මෝඩ බෞද්ධයින් රවටන වැඩතමයි මේවා... ඉන්දියාව ගවයින්ට දේවත්වයෙන් සැලකුවත් ලෝකෙ ප්‍රධාන ගවමස් අපනයනය කරන්නෙක්. ඉදිරියට බලාගන්න අලි වගේම ගවයින්ගේත් කරදරය. බෝවීම පාලනය නොවී...
හරි හොඳයි. හැබැයි ඒ එක්කම පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා ආසන ගණනත් වැඩි කරන්න.
ඇත්තටම අන්න එහෙම තමයි තීරණ ගන්න ඕනි. මගේ රට බුදුන්ගේ දේශයයි....
ඡන්දෙ දීපු 69 ලක්ෂය ගැන කරුණාවෙන්ද?
නියමයි අගමැති තුමනි නියමයි. හැබැයි ඉෂ්ට කරන්න බැරි පොරොන්දු දෙන්න එපා.
මේ උතුම් අදහස සාර්කථක කර ගැනීමට සැමට ශක්තිය ධෛර්‍යය වාසනාව ලැබේවා සියලු දෙවියෝ ආශිර්වාද කරත්වා
අනේ වාසනාවන්.! අපේ චොකා මල්ලී බේරුනා....
අයියෝ... එතකොට ආගමික උත්සව සමරන්නේ කොහොමද දෙයියනේ...?
ඉතාම හොද තීරණයක් නමුත් වැඩි දෙනෙකු මෙයට විරුද්ධවනු ඇත... එමෙන්ම "ගව රිරිමාංශ" ඇගේ ඔතාගෙන අනුබව කරන සුපින්වත් සත්ගුණවත් මිනිසුන්ට තීරුබදු රහිතව "ගව රිරිමාංශ" රටතුලට ගෙනඒමට කටයුතු කරනවාද යන්න දැනගනුමට කැමැත්තෙමු..
මෝඩ තීරණයක්. ගව පට්ටිවල අති කරන පිරිමි සත්තුන්ට මොකද කරන්නෙ. නිකන් කන්න බොන්න දීලා බලාගන්න ගොවියො කැමති නෑ. අනික ඊට වඩා වියදමක් රටින් ගෙන්වන්න වියදම් කරන්න වෙනවා. ගව මස් කන නොකන එකනම් තමන්ගෙ වැඩක්.
රවීන්ද්‍ර ගොන් තර්ක ගේන්න එපා, එතකොට හොටෙල් වහනවද.?
එතකොට අනෙකුත් ඝාතන වලට මොකද වෙන්නේ.?
හේතුව පශු සම්පත ආරක්ෂා කිරීම ද? හරක් හදන්නේ කිරි ගන්නයි මස් ගන්නයි නේද? දැන් පිරිමි පැටව් උපන් ගමන් මරා දමාවි.
මෙහෙ මරන්න තහනම් නමුත් කන මිනිසුන්ට පිටරටින් ගෙනාවට කමක් නැහැ.
ගව ඝාතනය නැවැත්වීම හොඳයි. එතකොට කුකුල්ලු...? එළුවෝ? මාලු? ඌරෝ? දඩ මස්? ඉබ්බෝ? ඒවාට මොකෝ වෙන්නේ? එව්වා කමක් නැද්ද? මේක කොච්චර ප්‍රායෝගික තීරණයක්ද?
ඔව් ඉතින් මැරුවොත් බලයේ ඉන්නත් බෑ... පළාත් සභා දිනන්නත් බෑ... ලබන පාර දිනන්නත් බෑ...
හොඳ තීරණයක්... ඒත් ගව පට්ටිවලට විකල්පයක් ගේන්න ඕනේ.
ඉතාමත්ම හොඳ තීරණයක්. අගමැතිවරයෙකු වශයෙන් ගත්ත වටිනා තීරණයක්.... මේක සිංහල බෞද්ධ රටක්. අපායක් නෙමෙයි චීනේ වගේ. මෙතන මේ ගත්ත තීරණය වැරදියි කියලා කියන අයටයි කියන්නේ. ඔයාලත් ලබන ආත්මෙ හරක් වෙලා මැරෙන්න නියම වුණාම තේරෙයි.
මේක තරමක් ව්‍යාකූල ප්‍රශ්නයක්... ඉන්දියාවෙත් හරක් මරන්න තහනම්... නමුත් එහෙන් පිටරටවලට වෙළඳාම පිණිස හරක් මස් අපනයනය කරනවා. මගේ අදහස නම් ප්‍රායෝගික ක්‍රමයක් අනුගමනය කළයුුතුයි. ලෝකයේ දියුණු ක්‍රම අද භාවිතා කරනවා. සතුන් පරිභෝජනයට එම සතුන්ට වද වේදනා නොදී මරන ක්‍රම භාවිතා කරනවා. එ් වගේම ඉතාම සීඝ්‍රයෙන් එම රටවල බොහෝ ජනතාව නිර්මාංශ පරිභෝජනයට පුරුදු වෙමින් ඉන්නවා...
ඉස්සෙල්ලත් ලිව්වා. අගමැතිතුමාගේ මේ තීරණය ඉතාම හොඳ එකක්. නමුත් ගවමස් ආනයනය කරන්න ඉඩ දෙනවා නම් මේ තීරණයේ වටිනාකමක් නැහැ.