කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (08) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3140 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කටාර් සිට පැමිණි පුද්ගලයින් 6 ක් , කුවේට් සිට පැමිණි දෙදෙනෙක් සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් 9 දෙනෙකු අද හඳුනාගත් ආසාදිතයින් 17 දෙනා අතර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
=======================================================================================
කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (08) මේ වනවිට හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3126 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු සහ කුවෙට් සිට පැමිණ නිරෝධායනයට ලක්ව සිටින දෙදෙනෙකු අද හඳුනාගත් ආසාදිතයින් අතර වනබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (08) මේ වනවිට පුද්ගලයින් 2935 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 179 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මේ අතර අද දිනයේ කොවිඩ් රෝගීන් 9 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබුණි.
මේ වනවිට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් 12 දෙනෙකු මිය ගොස් ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 කට කොරෝනා
chandima Tuesday, 08 September 2020 04:54 PM
මුළු ලෝකෙම අධ්‍යාපනය අවුල් වෙලා, කර්මාන්ත සහ නිෂ්පාදනය අඩුවෙලා.. එහෙම තියෙද්දී අපේ රටේ කොරෝනා අඩුවෙන් පවත්වා ගැනීමට ලැබීම වාසනාවක්... අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හැකිතාක් දුරට රටේ දේශීය නිෂ්පාදන නැංවීමට කටයුතු කළ යුතුයි. මේ වෙලාවේ විදේශීය තරගකාරීත්වය ඉතාම අඩුයි.