මුතුවැල්ල උමඟේ වැඩ මාස තුනකින් අවසන් කර බාර දෙන්නැයි අගමැතිගෙන් උපදෙස් උතුරු කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ඉදිකරමින් පවතින නව මුතුවැල්ල උමං මාර්ගයේ වැඩ කටයුතු ඉදිරි මාස තුන ඇතුළත අවසන් කර බාර දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කොළඹ අග නගර ආශ්රිත සංවර්ධන ව්‍යාපෘතියට උපදෙස් දී ඇත. 07 September 2020
අනතුරු නිවේදන නොතකා මුහුදු ගිය 5 ක් රෝහලේ අනතුරු නිවේදනය ද නොතකා කප්පරතොට ධීවර තොටුපොලෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් තද සුළඟට හසුව පෙරැළී එහි සිටි ධිවරයින් පස් දෙනා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ නීති කටයුතු බාර නිලධාරි එන්.එන්.ඩී.එස්.යූ පරණවිතාන මහතා පැවසීය. 07 September 2020
පරිසරයට හානිකර ‘කාල’ සහ ‘සැචේ’ කාලෙ බෝතල් හැමෝටම වැදගත් නැත. එහෙත් වැදගත් වන පිරිසක් ද වෙති. සැචේ පැකට්ද එසේමය. පිරිසකට වැදගත්ය. තවත් පිරිසකට වැඩකට නැත. එහෙත් මේ සියලු දෙනාටම වැදගත් වන සාධකයක් කාලේ බෝතල්වලට මෙන්ම සැචේ පැකට්වලටද අදාළය. ඒ මේ දෙකම පරිසරයේ සතුරන් වීමය. 07 September 2020
ව්‍යාපාරිකයෙක් අ‘පුර නගරයේ උපවාසයක කඩ කාමර බාරදි ඉන් ඉවත් වන ලෙස දන්වා අනුරාධපුර මහා නගර සභාව විසින් සිංහ කුලුන අසළ ව්‍යාපාරිකයන් පිරිසකට දැනුම්දුන් ලිඛිත නියෝගයට විරෝධය පළ කරමින් ව්‍යාපාරිකයෙකු අද(07)දින මාරන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. 07 September 2020
‘යහපත් සීමාවාසිකයා’ වැඩමුළුවෙන්... සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා තෝරාගනු ලැබූ ආධුනික වෛද්‍යවරුන් 680 දෙනකු වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවිධානය විසින් සංවිධාන කෙරුණු වැඩමුළුවක් කැලණිය බොල්ලෑගල නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පෙරේදා (05) ආරම්භ විය. 07 September 2020
නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයකු මරුට නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි එක්දරු පියෙකු මිය ගොස් ඇති බව නුවරඑළිය මහ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය. 07 September 2020
චොකා මල්ලී පාර්ලිමේන්තු යවන්න’යි අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක් මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වු මරණ දඩුවම් නියමව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අභියචනාධිකරණය අද ( 07) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී. 07 September 2020
අහංගම ගොවියාපාන ඇළේ පුද්ගල මළ සිරුරක් අහංගම ගොවියාපාන ඇලේ පාවෙමින් තිබු නාඳුනන මළ සිරුරක් අද ( 07) හමුවූ බව අහංගම පොලිසිය පවසයි. 07 September 2020
පැරණි කඩු 4 ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැරණි කඩු 4 ක් ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවට ඉලවාලෙයි පොලීසිය පවසයි. 07 September 2020
ලක්ෂ 80 ක හෙරොයින් සමඟ තිදෙනකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 80කට අධික වටිනා හොරයින් මත්කුඩු ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් බොරලැස්ගමුව අභයරත්න මාවත අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි 07 September 2020
යතුරුපැදිය ගවයකුගේ ඇඟේ හැපී යතුරුපැදිකරු මරුට වැලිකන්ද,සෙවණපිටිය ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් ගවයකුගේ ඇඟේ හැපී මහවැලි ඉසෙඞ්-ඩී ඇළට පෙරැළීයාමෙන් සිදුවූ අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි. 07 September 2020
රැකියාවක් දෙන බව කියා රවටා කාන්තාවකගේ රන්බඩු කොල්ල කාලා නව රජයේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ රැකියාවක් ලබා දෙන පවසා කෑගල්ලේ සිට මාතලේට කාන්තාවක් ගෙන්වාගෙන ඇය ලැගුම්හලකට ගෙන ගොස් මත්විමට බිම වර්ගයක් ලබා දි රුපියල් ලක්ෂ තුනක් වටිනා රන් භාණ්ඩ කොල්ල කෑ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ ආරම්භ කළ බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි. 07 September 2020
ජලනල කාර්මිකයාගේ ඝාතනයට බිරිය-අනියම් සැමියා අත්අඩංගුවට අනියම් ස්වාමි පුරුෂයා හා එක්ව නිවස තුළදී සැමියාගේ ගෙල ඇඳ ඇතිරිල්ලකින් තදකර ඝාතනය කළ බව කියන කාන්තාවක් හා එම පුද්ගලයා අද (7) අත්අඩංගුවට ගත් බව මොරන්තුඩුව පොලිසිය කියයි. 07 September 2020
තාප්පයක් කඩා වැටී තරුණියක් මරුට නවගමුව කොතලාවල පාසල් මාවතේ නිවසක් මතට අඩි තිහක් පමණ උසින් යුත් තාප්පයක් කඩා වැටීමෙන් තරුණියක් මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. 07 September 2020
බස් රියක් පෙරැළී 5ක් රෝහලේ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සාලියවැව සිදුවූ බස් රථ අනතුරකින් 05 දෙනකු තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කල බව සාලියවැව පොලීසයි කියයි. 07 September 2020
ගෝඨාභය රාජපක්ෂ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය ජනගත වෙයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ‘ගෝඨාභය රාජපක්ෂ’ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය සහ ‘පාතාලයෝ’ කෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී අද (6) පස්වරුවේ එළිදැක්විණි. 06 September 2020
හෙරොයින් ජාවාරම්කරුවෙක් අගුලානේදී අත්අඩංගුවට ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අද (06) අගුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය. 06 September 2020
වගා නොකළ ඉඩම් වල තේ වගා කරන්න වැඩපිළිවෙලක් වතු සමාගම් සතුව පවතින වගා නොකළ ඉඩම් ලබාගෙන තේ වගාව සඳහා කම්කරුවන්ට හා ඒ අසල සිටින ප්‍රදේශවාසීන්ට ලබා දීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ එක්ව වැඩපිළිවෙලක් සකස්කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 06 September 2020
පරිසර සංවිධාන ජනපතිට ලියති වනාතවිල්ලුව එළුවන්කුලම කුරටියාමොට්ට ප්‍රදේශයේ සිදුව ඇති වනාන්තර විනාශයට වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන්නැයි වයඹ පරිසර සංවිධාන කිහිපයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම්ක් කරයි. 06 September 2020
කාලගුණයෙන් රතු නිවේදනයක් දිවයිනේ ප්‍රදේශ රැසකට අද (6) රාත්‍රීයේ සහ හෙට (7) උදෑසන තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. 06 September 2020
‘බස් හිමියන් මාසයකට කෝටි 20 ක් කප්පම් ගෙවනවා‘ කොරෝනා වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය කඩා වැටී තිබියදීත් මාසයකට රුපියල් කෝටි 20 ක පමණ මුදලක් කප්පම්කරුවන්ට ගෙවීමට බස් හිමියන්ට සිදුවී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 06 September 2020
‘නිව් ඩයමන්ඩ්’ නැවේ ගින්න නිවා දමයි ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනිගෙන දැවෙමින් තිබූ ‘නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇතත් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදාගෙන එයට සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් සිදු කරමින් තිබෙන බව නාවික හමුදාව පවසයි. 06 September 2020
මඤ්ඤොක්කා වගාවක තිබූ කංසා සමඟ අයෙක් අත්අඩංගුවට වීරකැටිය විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවෙසක් පිටුපස මඤ්ඤොක්කා වගාවක වගා කර තිබූ බව කියන කංසා පැළ 27ක් සහ වියළමින් තිබූ බව කියන ගංජා ග්‍රෑම් 900ක් සමඟ නිවෙස් හිමිකරු අද(6) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරිහු කියති. 06 September 2020
රැඳවියන් නිරෝධායනයට පැරණි බෝගම්බර බන්ධනාගාරයට අයත් ගොඩනැගිල්ලක් රිමාන්ඩ් කරනු ලබන රැඳවියන් නිරෝධායනය සඳහා මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයට අයත් ගොඩනැගිල්ලක් තාවකාලිකව වෙන්කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 06 September 2020
‘ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කළ හැකි බව ඔප්පු කළා‘ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පහසු බව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බැසිල් රාජපක්ෂ මහතා ඔප්පු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී අද(06) පැවසීය. 06 September 2020
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට අවසන් නිවේදනය වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ අපද්‍රව්‍ය බැහැර කිරීම ක්‍රමවත් කරන ලෙස අවසන් නිවේදනය ද නිකුත් කළ බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 06 September 2020
වැලිකඩ-මීගමුව බන්ධනාගාරවලින් ජංගම දුරකතන හමුවෙයි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ කළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 17ක් ඇතුළු දුරකතන උපාංග තොගයක් සිය බාරයට ගත් බව බුද්ධි අංශය පවසයි. 06 September 2020
ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර සවිකීරීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 06 September 2020
මුහුදු නොයන ලෙස ධීවරයින්ට දැනුම්දීමක් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් හෙට (7) දහවල් 12.00 දක්වා මුහුදුයාමෙන් වැළකී සිටින්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබේ. 06 September 2020
ගල්කටස් වර්ගයේ අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට බළංගොඩ පින්නවල පොලිසිය කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාධිත තුවක්කුවක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත්බව පින්නවල පොලිසිය කියයි . 06 September 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026