
(ක.ග.කරුණාරත්න)
වැලිකන්ද,සෙවණපිටිය ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් ගවයකුගේ ඇඟේ හැපී මහවැලි ඉසෙඞ්-ඩී ඇළට පෙරැළීයාමෙන් සිදුවූ අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි.
මිය ගිය අයගේ සිරුර පොලීසිය සහ ප්‍රදේශවාසීහු එක්ව අද (7) ගොඩගනු ලැබ තිබේ.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ කුලියාපිටිය,මඩකුඹුරමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එස්.පී.දුෂාන් මධුශංඛ නැමැති තරුණයෙකි.
මිය ගිය අය වැලිකන්ද,මලින්ද ප්‍රදේශයේ බැකෝ යන්ත්‍රයක ක්‍රියාකරුවෙකු ලෙස රැකියාව කර ඇතැයි පොලීසිය පවසයි.
මොහු විසින් පදවාගෙන පැමිණි යතුරු පැදිය මාර්ගයේ සිටි ගවයෙකුගේ ඇඟේ හැපී අනතුරට ලක්ව මහවැලි ඇළට පෙරැළී ගොස් තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුන් ඇති කිරීම පිළිබඳව නිසි ක්රම වේදයක් සහ නීතිය අනුගමනය කලයුතුයි.
අනේ, ඒ ගවයාට හානියක් වෙලා නැත්නම්, ඒ ඇති.. සංවරව මහපාරේ ගමන් කරන අහිංසක ගවයෙකුටවත් යන්න බැහැනේ මේ ලංකාවේ...
මෙම මාර්ගයේ අනතුරු සලකුණු තියෙනවා.. ගවයින් පාරහරහා පනින බවට... දවසක් මම දැක්කා කොළඹ සිට පැමිණි සීඝ්රගාමී දුම්රිය, එම දුම්රිය මාර්ගය හරහා ගවයින් පනින විට දුම්රිය නවතාගත්තා..