
(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය කඩා වැටී තිබියදීත් මාසයකට රුපියල් කෝටි 20 ක පමණ මුදලක් කප්පම්කරුවන්ට ගෙවීමට බස් හිමියන්ට සිදුවී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
දිවයිනපුරා තිබෙන පෞද්ගලික බස්රථ 20,000 කින් පමණ නිල සහ නිල නොලත් ආකාරයට කප්පම්කරුවන් මෙලෙස කප්පම් මුදල් අයකරන බවද ඔහු කීවේය.
බස්රථවල ආදායමෙන් සියට 25 ක පමණ ප්‍රමාණයක් මේ හේතුවෙන් බස් හිමියන්ට අහිමි වී යන බවද විජේරත්න මහතා කියා සිටියේය.
පාතලය සහ කුඩු වැටලීම් කරන ආකාරයට බස් කප්පම්කරුවන් මර්දනය කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද විජේරත්න මහතා සඳහන් කළේය.
කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව ආර්ථිකමය දුෂ්කරතාවයන්ට පත්ව ඇති අවස්ථාවේදී බස් ගාස්තු ඉහළ දමන්නැයි බස් හිමියන් රජයෙන් කිසිඳු ඉල්ලීමක් සිදු නොකරන බවද ඔහු සඳහන් කළේය.
ඒ වෙනුවට බස් ගාස්තු විෂමතා ඉවත් කර බස් කර්මාන්තයේ ගැටලු විසඳන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සංඛ්‍යා ලේකන කෙසේ වෙතත් මෙය බොරුවක් විය නොහැකියි.
ඉතින් කප්පම් ගෙවමින් ඔය කියන දුෂ්කර රස්සාව කරන්නේ ඇයි...? රටට ආදරේටද....?
අද හෙටම මොකක්හරි කරයි ඒකටත්,
ඕවා කෙරෙන වැඩ නොවේ.
එක රටක් එක නීතියක් දැන් තිබෙනවා. කප්පන් කාරයන් ඉන්න විදියක් නැහැ. බය වෙන්න එපා.
අයියෝ දවසට රුපියල් 334 යි, අපිට ඉතිරි දෙන්නේ නැතිව මාටියා ගහන ගානත් එක්ක බලද්දී නොසලකා හැරිය හැකියි
මගීන් ගෙන් කප්පං ගන්න ව වගේ ටිකට් නොදී සල්ලි වැඩිපුර ගන්න.
කප්පම් ගන්න අය බස් හිමියන්ගෙන් කප්පම් ගන්නවා. බස් බස් හිමියන් බස් මගියොන්ගෙන් කප්පම් ගන්නවා.
කප්පම් ගන්න අයට එකතුවෙලා ගහන්නයි තියෙන්නේ. ඒ අයට තේරෙන භාෂාවෙන් දෙන්න ඕනෑ.
බස් කාරයෝත් මාර විදිහට මගියන්ගෙන් කප්පම් ගන්න බව මෙයා නොදන්නවා වෙන්න බැහැ.