
(එච්. චන්දන )
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සාලියවැව සිදුවූ බස් රථ අනතුරකින් 05 දෙනකු තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කල බව සාලියවැව පොලීසයි කියයි.
වව්නියාවේ සිට කොළඹ දක්වා ධාවන වූ මෙම සුඛෝපභෝගි බස් රථය පුත්තලම අනුරාධපුර මාර්ගයේ විස්සයි භාග ප්‍රදේශයේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ ඉදිරියෙන් නවතා තිබූ කැබ් රථය පිටුපස වැදී එයද ඉදිරියට තල්ලුකරගෙන මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ඇත.
අනතුරු සිදුවන විට බස් රථයේ මගීන් 23 දෙනකු සිට ඇති අතර එයින් පස් දෙනකු තුවාල ලබා නොච්චියාගම රෝහලටත් පසුව එයින් තිදෙනකු අනුරාධපුර රෝහලටත් යවා තිබේ.
අනතුරින් කැබ් රථය හා බස් රථයට දැඩි හානී සිදුවී තිබේ.
සිද්ධිය පිළිබදව බස් රථ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සාලියවැව පොලීසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd