
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව එළුවන්කුලම කුරටියාමොට්ට ප්‍රදේශයේ සිදුව ඇති වනාන්තර විනාශයට වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන්නැයි වයඹ පරිසර සංවිධාන කිහිපයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම්ක් කරයි.
රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ හා ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසකගේ සහායෙන් කිසියම් පිරිසක් විසින් මෙම වන විනාශය සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බව එම පරිසර සංවිධාන වැඩිදුරටත් සඳහන් කරයි.
වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි වසර සිය ගනණක් පැරණි මෙම වනාන්තර පද්ධතිය දේශපාලඥයින්ගේ ආධාර අනුබල ඇතිව විනාශ කර ඇති බව වයඹ පරිසර හඬ සංවිධානයේ සභාපති විල්පොත ප්‍රේමානන්ද හිමියෝ මෙහිදී පැවසූහ.
පුත්තලම දිස්ත්‍රික්කය පුරා මේ වන විට පරිසර විනාශය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේ සියලු පරිසර විනාශයන් පසුපස දේශපාලඥයින් හා ඔවුන්ගේ ගොල බාලයින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් හරිත පරපුර පරිසර සංවිධානයේ කැඳවුම්කරු දිලංක සේනානායක මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ ආන්ඩුවට පරිසයත් එක්ක තියෙන්නෙ පුදුම තරහක් ... දැන් පුදුම විදියටනෙ පරිසරය විනාස කරන්නෙ අනේ මන්ද අවුරුදු පහ ඉවරවෙනකොට ලංකාව කාන්තාරයක් කරයි වගේ ...
විල්පත්තුව කපද්දි ටිපර් උන දේශප්‍රේමී බලවේග මේවට සද්ද නැතුව ඉන්න එක හරි පුදුමයි. තව පැත්තකින් සිංහරාජය විනාශ කරනවා. ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් රවුම් වෙන්නෙත් නෑ. උද්ඝෝෂණය කරන්න එන්නෙත් නෑ. විල්පත්තුව හා මේ පරිසර විනාශය අතර වෙනසක් තියෙනවද කියල හිතෙනවා. වැරදි දේට වැරදි කියල කියා ගන්න බැරි තරම් නිවට වහලුන් ඉන්න තෙක් මේ විනාශයන් මේ විදියට දිගටම වෙයි.
මෙන්න කියලා අවධානය යොමුකරයි. තවමත් මිනිස්සු රැවටිලා ඉන්න හැටි. දැක්කනේ ලංකාගමට මහදැනමුත්තා වගේ දීපු තීන්දුව.. සිංහරාජේ පරිසරයට හානි කරන්නේ නැතිව පාර හදන්න කිව්ව එක හරියට හතරබීරි කතාවක්නේ. මෙහෙමත් පාලකයෝ...
තතු දත් ඇත්තන් කියන්නේ 1960 දශකයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් වන විනාශය පටන්ගන්නවා කියලා.
මේ වර නම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තද ක්‍රියාමාර්ගයක් ගනීවි යැයි බලාපොරොත්තු වෙනවා.
"හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්." ජනාධිපතිතුමා ඇවිත් කියයි "කොමිසමක් පත් කරන්න" කියලා.