අයිශ්වර්යා අපේ රටට එයි ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්යක්ෂවරයකු වන මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය ‘‘පොන්නියන් සෙල්වන්’’ රූගත කිරීම්වල ඉතිරි කොටස ලබන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේදී සිදුකිරීමට කටයුතු යොදා තිබේ. 04 September 2020
නෞකාවේ ගින්න පාලනයට දින කිහිපයක් ගතවන බව නාවික හමුදාව කියයි ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ පොතුවිල් (සංගමන්කන්ද) ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 22 ක් පමණ දුරින් ගිනිගෙන වෙමින් තිබෙන බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීමට ඇතැම් විට දින කිහිපයක් ගතවිය හැකි යැයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජනරාල් (ක්‍රියාන්විත) රියර් අද්මිරාල් නන්දන ජයරත්න මහතා අද (4) පැවසීය. 04 September 2020
අපේ ජනබල පක්ෂය නඩු මගට අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳව මේ වනවිට පවතින ප්රශ්නය විසඳාගැනීමට මැදිහත් වන්නැයි ඉල්ලමින් එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (04) පෙත්සමක් ගොනු කළ බව එහි සභාපති සමන් පෙරේරා මහතා පැවැසීය. 04 September 2020
බදුල්ලේ ෆයිනස් - ටර්පන්ටයින් වගා නොකිරීමේ තීරණයක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ මින් ඉදිරියට ෆයිනස්, ටර්පන්ටයින් හෝ ජලය සිඳීයාමට මුල්වන කිසිදු වගාවක් නොකිරීමට බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (4) තීරණය කළේය. 04 September 2020
ජනපතිට එරෙහිව සාක්ෂි ලබා දෙන්න පොලිසිය බලපෑම් කළා ආරක්ෂක ලේකම් ධූරය දැරූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බොරු සාක්ෂි ලබා දෙන ලෙස රහස් පොලිසිය බලපෑම් කළ බව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක කර්නල් ශම්මි කුමාර මහතා සාක්ෂි ලබාදෙමින් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (04) පැවසීය. 04 September 2020
බස් අනතුරෙන් වෙන්වූ අතත් සමගින් තරුණයා රෝහලට ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේදි ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටිමෙන් පෞද්ගලික බසයේ පිටුපස අසුනේ කෙළවරේ වාඩිවි සිටි තරුණයෙකුගේ දකුණු අත වැලමිටට ඉහළින් වෙන්ව සිදු වූ අනතුරින් පසු අතෙහි වෙන් වූ කොටසද සමඟ තරුණයා රෝහලට ඇතුළු කර තිබේ. 04 September 2020
තෙල් නැවෙන් ඉන්දීය සාගරයට තෙල් කාන්දුවීම් අවදානමක් ශ්‍රී ලංකාවේ මුහුදට ඔබ්බෙන් ඉන්දීය සාගරයේ ගිනිගෙන දැවෙමින් තිබෙන තෙල් නෞකාවෙන්, ඉන්දීය සාගරයට තෙල් කාන්දුවීමේ අවදානමක් ඇතැයි ද ගින්න තවමත් පාලනය කරගත නොහැකි තත්ත්වයක පවතින බවත් විදෙස් මාධ්‍ය අද (4) වාර්තා කළේය. 04 September 2020
ගණිකා නිවාසයක් වටලා හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් වේයන්ගොඩ තල්ගස්මොටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනකු අද ( 4 ) සවස අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි . 04 September 2020
රවුෆ් හකීම්-ශානි පාස්කු කොමිසමට පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස කළ දැනුම් දීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (04) එම පොලිස් ඒකකය හමුවට පැමිණියේය. 04 September 2020
අගමැති ලේකම් ගාමිණී සෙනරත්ටත් නොතීසි අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 9 වැනිදා පෙනී සිටින ලෙස එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (4) නොතීසි නිකුත් කළේය. 04 September 2020
චීනයේ හිතුවක්කාරකම්වලට ඇමෙරිකානු සම්බාධක මතභේදයට තුඩු දී තිබෙන දකුණු චීන මුහුදේ චීනය සිදුකරන ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මහජන චීන ජනරජයේ නිලධාරීන්, පුද්ගලයන්ට සහ රාජ්‍ය ව්‍යවසාය 24කට සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 04 September 2020
මහියංගනයේ තනි අලියා ග්‍රාමසේවා වසම් 16ක් හොල්ලයි නිවාස සහ වගාබිම්වලට හානිකරමින් මහියංගනය ප්‍රදේශයේ සැරිසරන තනි අලියෙකු නිසා, ග්‍රාම සේවා වසම් 16ක ජනතාව පීඩාවට පත්ව භීතියෙන් පසුවන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එල්.එච්.දිසානායක මහතා බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අද(04) පැවැසීය. 04 September 2020
පී.සී.ආර්.පරීක්ෂණවලට ලක්ෂ 10 ක ඇඳුම් කට්ටල ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයේ අනුග්‍රහයෙන් හා සම්බන්ධිකරණයෙන් විශේෂිත ආරක්ෂිත පි සි ආර් පරික්ෂණ සඳහා භාවිතා කරන ලක්ෂ 10 ක පමණ වටිනා ඇදුම් කට්ටල 5,000 ක් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් මහේෂ් ගුණසේකර මහතා මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාට අද (04) මහනුවර මහරෝහලේදි පරිත්‍යාග කළේය. 04 September 2020
රනිල්ගෙන් පැය 4 ක ප්‍රකාශයක් වගඋත්තරකාරයකු ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පැය හතරකට ආසන්න කාලයක් සාක්ෂි දුන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (4) පස්වරුවේ ජනාධිපති කොමිසමින් පිටව ගියේය. 04 September 2020
මන්ත්‍රී මනූෂ නානායක්කාරට වරෙන්තු නඩුවක සාක්කිදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) වරෙන්තු නිකුත් කළේය. 04 September 2020
සුවය ලැබූ 18ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 18දෙනෙකු සුවය ලබා අද(04) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 04 September 2020
කෝටි 13 ක දුම්වැටි විනාශ කෙරේ ශ්‍රී ලංකා රේගුව මගින් විටින් විට අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 13 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි ලක්ෂ 23 ක් කොළඹ දුම්කොළ සංස්ථා පරිශ්‍රයේදී ( 4) අද විනාශ කෙරිණි. 04 September 2020
අවුරුද්දක් තිස්සේ වල් ඌරන් - ඉබ්බන් මරා මස් විකුණලා විවිධ පෙදෙස්වල රක්ෂිත කැලෑවලින් අල්ලාගත්, ආරක්ෂිත සතුන් ලෙස සැලකෙන වල් ඌරන් හා ඉබ්බන් මරා මස් විකිණීමේ යෙදුණු බව කියන දෙදෙනෙකු කදිරාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්යක්ෂ කාර්යාලය කියයි. 04 September 2020
රවී ඇතුළු 7කගේ පෙත්සමට විරෝධතා ගොනුකරන්න නීතිපතිට කල් දෙයි හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු 7දෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් සම්බන්ධයෙන් වන විරෝධතා ගොනුකිරීමට නීතිපතිවරයාට ලබන 14 වැනිදා තෙක් කල් ලබාදීමට අභියාචනාධිකරණය අද(25) තීන්දු කළේය. 04 September 2020
චොකා මල්ලීගේ ඉල්ලීම සලකා බැලීම 7 දා මරණ දඩුවම් නියමව සිටින තේරීපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙනවාද නැත්ද යන්න පිළිබද අතුරු නියෝගය ලබන සදුදා (07) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය. 04 September 2020
ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් රැම්සා තෙත් බිම් කලාපයක් ලෙසින් නම් කර ඇති ආනවිළුන්දාව කුරුළු අභය භුමියට නිති විරෝධිව ඇතුළු වී එහි භුමිය ඩෝසර් කළ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි දෙදෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි දෙදෙනා තවදුරටත් මේ මස 18 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද ( 4 ) දහවල් නියෝග කළේය. 04 September 2020
දක්ෂිණ අධිවේගයේ පිවිසුම් මාර්ගයේ වී වේළති අක්මීමන ගොවීන් මෙවර ලැබූ වී අස්වැන්න, දක්ෂිණ අධිවේගයේ පිවිසුම් මාර්ගයේ පින්නදූවේ මංතීරුවක කිලෝමීටර් දෙකක් තුනක් පමණ දුරක වියළෙනු පිණිස අතුරා තිබෙනු මේ දිනවල දැකිය හැකිය. 04 September 2020
තෙල් නැවේ ගින්න නිමන්න ඉන්දියාවත් එක්වෙයි නැගෙනහිර මුහුදේ ගිනි ගන්නා ඉන්ධන නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් හා නාවික හමුදා නෞකා හතරක් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් සමඟ වරාය අධිකාරියේ ටග් යාත්‍රාවක් කටයුතු කරමින් සිටින බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. 04 September 2020
ත්‍රිරෝද රිය පෙරැළී 6 ක් රෝහලේ මීගහකිවුල, පිටමාරුව ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයක් අද (04) දහවල් පෙරැළී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවකු , කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 04 September 2020
ගොඩ කළ කුඹුරු යළි වපුරන්න නියෝග මීරිගම ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් ලෝලුවාගොඩ පිහිටි ලොල්ලන් පොත්ත වෙල්යායේ ගොඩ කර ඇති බව කියන කුඹුරු කොටස් වහා පිළිසකර කර වී ගොවිතැන සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස ගම්පහ දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් සුජිත් ප්‍රේමරත්න මහතා ඉඩම් හිමියන් වෙත අද (4) නියෝග කළේය. 04 September 2020
ළමා නිවාසයකින් පලායමින් සිටි දරුවන් තිදෙනෙකු පොලිසියට මාතලේ ප්‍රදේශයේ ප්‍රධාන ළමා නිවාසයක පරිවාස බාරයේ සිටි බාල වයස්කාර සිසුන් තිදෙනෙකු එහි තාප්පයෙන් පැන පලායමින් සිටියදී වාහනයක ගමන් ගත් අයෙකුට හමුවී කටුගස්තොට පොලිසිය වෙත අද (04) බාර දී තිබේ. 04 September 2020
බන්ධනාගාරයට ආ සැකකරුවකුගේ යට ඇඳුමෙන් සිම්පත් තුනක් වැලිකඩ බන්ධනාගාරයට ආ සැකකරුවකු පරීක්ෂා කිරිමේ දී ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබූ සිම් පත් 3 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 04 September 2020
බීමතින් අශෝභනව හැසිරුණු කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට බීමත්ව අශෝභනව හැසිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය කියයි. 04 September 2020
වී.අයි.පී. අමුත්තාගේ ගමන් මල්ල සෝදිසි කළ පොලිසියේ 3 කට මාරුවීම් ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් මල්ල පරීක්ෂා කරමින් ඔහුගේ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ඇතුළු තිදෙනකු එම පොලිසියෙන් මාරු කර යවා ඇතැයි වාර්තා වෙයි. 04 September 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026