(විජේරත්න රත්නායක)
බදුල්ල දිස්ත්‍රික්කය තුළ මින් ඉදිරියට ෆයිනස්, ටර්පන්ටයින් හෝ ජලය සිඳීයාමට මුල්වන කිසිදු වගාවක් නොකිරීමට බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (4) තීරණය කළේය.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාගේ සභාපතිත්වයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පැරණි ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි.
එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බදුල්ල දිසා වන නිළධාරිවරයා පැවසුවේ රටේ දැව අවශ්‍යතා සඳහා තම දෙපාර්තමේන්තුව මඟින් රාජ්‍ය දැව සංස්ථාව වෙත ෆයිනස් දැව ලබාදුන් අතර මේ වන විට ෆයිනස් වගා ඉවත් කෙරෙන බැවින් ඒ වෙනුවට එම ඉඩම්වල ටර්පන්ටයින් වගා කිරීමට තීරණය කර ඇති බවයි.
කමිටුවේ සභාපති සුදර්ශන දෙනිපිටිය මහතා එහිදී සඳහන් කළේ ෆයිනස් වගා ඉවත් කිරීමට ජනාධිපතිවරයා ද තීරණය කර ඇති අතර ෆයිනස් ඉවත් කර ටර්පන්ටයින් වගා කිරීම වඩාත් විනාශකාරී බැවින් පයිනස් ඉවත් කෙරෙන ඉඩම්වල ටර්පන්ටයින් වෙනුවට දේශීය ශාක වර්ග වගා කිරීම සුදුසු බවයි.
මෙය සිය ප්‍රධාන කාර්යාලයෙන් ගත යුතු තීරණයක් බව දිසා වන නිළධාරිවරයා පෙන්වා දුන් අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා පැවසුවේ ජාතික මට්ටමින් ගන්නා තීරණය කුමක් වුවද බදුල්ල දිස්ත්‍රික්කය තුළ මින් ඉදිරියට ෆයිනස් හෝ ටර්පන්ටයින් වගාව සිදු නොකිරීමට බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඳුකර බෑවුම්වල ෆයිනස් වැනි ශාක වැවීම ඉවත් කර, ඒ වෙනුවට වගාකළ හැකි දේශීය ශාක මොනවාද? මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශයක් කළහැකිද? ඒ වෙනුවට කුඹුක් වැනි ශාක සිටවිය හැකිද? නමුත් කුඹුක් සිටුවිය හැක්කේ ජල මූලාශ්රිතවයි...
හොඳ අදහසක්... මෙම තීරණ ගත යුතුව තිබුණේ වසර 30, 40 පෙර බව අපගේ විශ්වාසයයි. එලෙසම එකල මේවා අනුමත කරෙත් ඔය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලොක්කන්ම නොවේද? එම වකවානුවේදී මෙහි අනිසි ප්‍රතිඵල පිළිබඳව උගත් ලොක්කන්ට නොතේරීම පිළිබඳව අපට නම් අදටත් ගැටලුවකි.
බදුල්ල දිස්ත්‍රික්කයේ වන වගා තිබෙන්නේ ඉන් 6% කි. 94%ක් වෙනත් ඉඩම් භාවිතයන්. වර්ෂාපතනය දිස්ත්‍රික්කයේ හැමතැනටම පොදු යයි ගත්කළ මෙය අනුවණ තීරණයකි. රටේ දැව ඉල්ලුමට කෝ පිළිතුරු?
ශ්‍රේෂ්ඨ තීරණයක්...