(ඩී.ජී.සුගතපාල)
නඩුවක සාක්කිදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) වරෙන්තු නිකුත් කළේය.

මනූෂ නානායක්කාර මහතා මගින් ජපන් රටේ රැකියාවලට යවන බව පවසා තරුණයින්ගෙන් මුදල් වංචා කිරිමට තැත් කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ පැමිණිල්ලේ පළමුවන සාක්කිකරු ලෙස නම්කර සිටින මන්ත්‍රීවරයා සාක්කි දිම සඳහා අද අධිකරණයේ පෙනි සිටිමට නියමිතව තිබුණත් අධිකරණයේ පෙනී නොසිටිමෙන් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබිය.
තංගල්ලේ තරුණයකු දික්වැල්ලේ මිතුරෙකු සමග ජපන් භාෂාව හදාරා ඇති අතර දික්වැල්ලේ මිතුරාගේ පියා තංගල්ලේ තරුණයාට ගාල්ල හපුගල පදිංචි පුද්ගලයෙකු හඳුන්වා දි තිබේ. ඔහු වතු අධිකාරිවරයෙකු බවත් මනූෂ නානායක්කාර මහතා මගින් ජපන් රටේ රැකියා ලබාදිමට ඔහුට හැකි බවත් පවසා ඇත.
ඒ අනුව තංගල්ලේ තරුණයා එම පුද්ගලයා සමග කතා කිරිමේදි මන්ත්‍රිවරයා මගින් ජපන් රටේ රැකියාවලට යැවීමට හැකි බවත් ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 14 ක් අවශ්‍ය බවත් පවසා ඇත.
පසුව 2019 පෙබරවාරි 23 වැනිදා තරුණයා මුදල් ලබාදිම සඳහා ගාල්ලට පැමිණ ඇති අතර රාගම තරුණයකු ද මුදල් ලබාදිමට පැමිණ තිබේ. එම ස්ථානයට පැමිණි සැකකරු මන්ත්‍රීවරයා නොමැති බවත් එය ඉටුකරදිම සඳහා පළමුව රුපියල් ලක්ෂ දෙක බැගින් ලබාදෙන ලෙසත් සැකකරු ඉල්ලා තිබේ.
එම අවස්ථාවේ සැකයක් ඇතිවූ තරුණයා තම මිතුරෙකුට දුරකතන ඇමතුමක් ලබාදී මේ පිළිබඳව විමසිමේ දී මෙය වංචාවක් බවත් මුදල් ලබා නොදෙන බවත් දන්වා ඇති බවත් පසුව තංගල්ලේ සිට පැමිණි තරුණයා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ සම්බන්ධ නඩුවේ පළමුවන සාක්කිකරු ලෙස මනුෂ නානානයක්කාර මහතා නම් කර ඇත. වැඩිදුර නඩු විභාගය නොවැම්බර් 6 වැනිදා කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 04
183
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
372
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
383
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්ත්‍රී මනූෂ නානායක්කාරට වරෙන්තු
Prasad Friday, 04 September 2020 12:18 PM
ඔබතුමා ජනපති, අගමැති තනතුරුවලට අවශ්‍ය සුදුසුකම් සපුරාලමින් සිටිනවා.
sarath perth Saturday, 05 September 2020 12:42 AM
පෙර ඇප ඉල්ලීම් අයදුම් පතක් වගේ දෙයක් කරයි. උසාවි යන එකක් නැහැ. නීතියෙන් රිංගන හැටි තමයි.
මුණසිංහ Saturday, 05 September 2020 01:22 AM
ගාල්ලේ කුඩුකාරයන්, දූෂිතයන් ආරක්ෂා කරන්නේ කවුද?