
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 18දෙනෙකු සුවය ලබා අද(04) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2907කි. ආසාදිතයෝ 192ක් රෝහල්වල රැඳී සිටිමින් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.
සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් දෙදෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 5දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් 11දෙනෙක්ද වෙති.
ඉරණවිල රෝහලෙන් පිටව ගිය 11දෙනා අතර, එක් විදේශිකයෙක්ද වෙයි.
අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් යැයි සැකසහිත රෝගීන් ගණන 41කි.
මේ වනව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 3111ක් වන අතර 12 දෙනෙකු මියගොසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd