(දසුන් රාජපක්ෂ)
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 9 වැනිදා පෙනී සිටින ලෙස එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (4) නොතීසි නිකුත් කළේය.

ගාමිණී සෙනරත් මහතාට එලෙස නොතීසි නිකුත් කෙරුණේ වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මෙම කොමිසමට කර ඇති පැමිණිල්ලකට අදාළව ය.
මෙම ජනාධිපති කොමිසම අද කැඳවූ අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබා දුන් අතර එහිදී දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන්ට ගෙවීම් සිදු කළ ආකාරය ගැන විවාද සම්පන්න තත්ත්වයක් ඇතිවිය.
එම විවාද සම්පන්න තත්ත්වය නිශ්චිතව කොමිසම හමුවේ සටහන් කිරීම සඳහා දූෂණ විරෝධී කමිටුවට ගෙවීම් සිදු කළ ආකාරය ගැන වාර්තාවක් සකස් කර ලබන 9 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ගාමිණී සෙනරත් මහතාට එහිදී නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ අපේ සල්ලි... මෙයාලාට එක උසාවි වාරයකට කීයක් ගෙවනවද දන්නේ නැහැ. කාලකණ්ණි පාලකයින් බලයට ගෙනාවාම මෙහෙම තමයි.