
මතභේදයට තුඩු දී තිබෙන දකුණු චීන මුහුදේ චීනය සිදුකරන ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මහජන චීන ජනරජයේ නිලධාරීන්, පුද්ගලයන්ට සහ රාජ්‍ය ව්‍යවසාය 24කට සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
එම පුද්ගලයන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු විය නොහැකි බවත් ඔවුන්ගේ පවුල්වල ආසන්තම සාමාජිකයන් වීසා ලබාදීම සීමා කිරීමට ද ඇමෙරිකාව පියවර ගෙන තිබේ.
චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් කම්පැණි (සී.සී.සී.සී) සමාගමේ පරිපාලිත සමාගම් කිහිපයකට ද සම්බාධක පනවා තිබෙන අතර එම සමාගම ලොවපුරා දූෂණ, කොල්ලකාර මූල්‍යකරණය, පාරිසරික විනාශය සහ අනෙකුත් අනිසි ක්‍රියාවල නිරත වී ඇතැයි ඇමෙරිකාව සඳහන් කරයි.
මෙම සමාගමේ අයුතු ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීම, ස්වෛරීත්වය හා යහපත ආරක්ෂා කරගැනීම සඳහා සමාගම සමඟ තිබෙන ගනුදෙනු නැවත විමසා බලන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය රටවලින් ඉල්ලීමක් ද කර ඇත.
මේ සම්බන්ධයෙන් කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු රටවලටම ප්‍රශ්න ඇතිකළේ ඇමෙරිකාව තමයි.. චීනයට බනින්න එපා. දැන් ශ්‍රී ලංකා රජයත් සමග දැඩි මිත්‍රත්වයක් චීනයත් එක්ක තියෙනවා.
ඔහෙලගේ හිතුවක්කාරකම්වලට කොරෝනාවලට ලක්ෂ ගණන් වලින් මැරිලා ඉන්නේ..