
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු 7දෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් සම්බන්ධයෙන් වන විරෝධතා ගොනුකිරීමට නීතිපතිවරයාට ලබන 14 වැනිදා තෙක් කල් ලබාදීමට අභියාචනාධිකරණය අද(25) තීන්දු කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකක දී රජයට අයත් රුපියල් බිලියන 52 කට අධික මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කිරීමට එරෙහිව ඔවුන් රීට් පෙත්සම ගොනුකර තිබිණි.
අභියාචනාධිකරණ සභාපති ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීමට තමාට කල් ලබා දෙන්නැයි විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සදහා ලබන 14 වැනිදා තෙක් කල් ලබා දීමට නීතිපතිවරයාට අවසර ලබා දෙන ලදී.
තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, චිත්ත රංජන් හුළුගල්ල, මහ බැංකු වේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පද්මනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර යන අය රීට් පෙත්සම් ගොනු කළහ.
පෙත්සම්කරුවන් හත්දෙනෙකුට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත් ජූලි 07 වැනිදා අතුරු නියෝගයක් ද නිකුත් කෙරිණි.
නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රිට් පෙත්සම්හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. අම්පාවිල, වැඩබලන පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න , කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයා යන අය නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් මඟින් කියා සිටින්නේ 2016 වසරේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් තුළින් රජයට රුපියල් බිලියන 52 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් භාරගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඉකුත් මාර්තු 6 වැනිදා වරෙන්තු නිකුත් කළ බවයි.
මෙම වරෙන්තු නිකුත් කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබෙන්නේ ස්වභාවික යුක්තිය නැමති නීතිමය මූලධර්මයට පටහැනිව බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් පෙන්වා දෙති.
එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලීසිය විසින් ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවි කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.ඊට අමතරව තමන්ව අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස්ද බලරහිත කරන ලෙසද පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.එසේම මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයකු වෙත යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සම්වලින් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.
තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එබැවින් තම රීට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, එම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාෆා , රියන්සි අර්සකුලරත්න, නවීන් මාරපන යන මහත්වරු පෙනී සිටියහ.නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 04
183
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
372
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
383
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රවී ඇතුළු 7කගේ පෙත්සමට විරෝධතා ගොනුකරන්න නීතිපතිට කල් දෙයි