
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිරිහාන මූලස්ථාන පොලිසිය තුළ අද (05) ඇතිවූ ගින්න පොලිස් නිලධාරීන්ගේ ක්ෂණික මැදිහත්වීමෙන් නිවා දැමීමට හැකි වූ බව මිරිහාන පොලිසිය කියයි.
පැරණි ගොඩනැගිල්ලක පිහිටා තිබෙන මූලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය තුළ ස්ථාපිත කර තිබෙන විදුලි මීටර් පද්ධතියෙන් මෙම ගින්න හටගෙන තිබූ බව පොලිස් නිලධාරිහු පැවසූහ.
ඒ සමඟම ක්ෂණිකව මැදිහත් වූ පොලිස් නිලධාරින් ගිනිනිවන උපකරණ, ජලය සහ වැලි උපයෝගී කරගෙන ගින්න පැතිරීමට ඉඩ නොදී නිවා දැමීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විටත් පොලිස් නිලධාරින් විසින් ගින්න නිවා දමා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ගින්න හේතුවෙන් විදුලි පද්ධතියට දැඩිලෙස අලාභ හානි සිදුවී ඇත.
මූලස්ථාන පොලිසියේ විදුලිය සම්පූර්ණයෙන් විසන්ධි වී ඇති අතර එය යථා තත්වයට පත් කිරීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව පොලිස් නිලධාරියක් වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිමීටරයෙන් ඇතිවුණු ගින්නට ජලය භාවිතා කළේ කවුද?