ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 90, 633 දෙනකු හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එම ගණන, කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු දිනක් ඇතුළත ලොව ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් නව කොරෝනා වයිරසය යුරෝපයටත්, ඇමෙරිකානු කලාපයට, ලතින් ඇමෙරිකාවට සහ අප්‍රිකාවට කඩා වැදුණු අතර එය නැවත වරක් ආසියාවට පැමිණ ඇත.
ඒ අනුවිකොවිඩ්-19’ වයිරස වසංගතය පැතිර යෑමේ නවතම කේන්ද්‍රස්ථානයට බවට පත්ව ඇත්තේ අසල්වැසි ඉන්දියාවයි.
ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී වයිරස ආසාදිත මරණ 1, 065ක් වාර්තා වී තිබේ.
මෙම නව සංඛ්‍යා දත්ත සමඟ ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 41,13, 811ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 70,626ක් දක්වා ඉහළ ගියේය.
ඉන්දියාවේල නව කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූවන්ගේ සමස්ත ගණන 31,80,865 කි.
එන්.ඩී.ටීවී.
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පැය 24කදී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 90,633ක්