
(අනීෂා මානගේ)
තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් 2කින් අඩු කිරීමට අද (5) තීරණය කළ බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය කියයි.
අග්රාමාත්යවරයාගේ ඉල්ලීමකට අනුව අද (05) පස්වරුවේදී සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණ සිටි අතර එහිදී බිත්තර මිල සම්බන්ධයෙන් සහ නිෂ්පාදකයින්ගේ ගැටළු සාකච්ඡා කෙරිණි.
අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් 2කින් අඩු කිරීමට එහිදී තීරණය කළ බවද, ඒ අනුව සුදු බිත්තරයක තොග මිල රුපියල් 19.50ක් සහ රතු බිත්තරයක තොග මිල රුපියල් 20ක් ද වන අතර, සුදු බිත්තරයක සිල්ලර මිල රුපියල් 21ක් සහ රතු බිත්තරයක සිල්ලර මිල රුපියල් 22ක් ද වන බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්.සරත් මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් කියයි බිත්තර බයියෝ කියලා..
මේ රටේ බිත්තර අඩුවැඩි කරන්නත් සිද්ද වෙලා තියෙන්නේ ජනාධිපති, අගමැති දෙපළටද? මේ රටේ ඔය සියලු සංගම් සූරාගෙන කන්නේ අපේ රටේ දුප්පත් මහ ජනතාව...
අගමැති බිත්තර දාන්නන් කිව්වද?
දැන් සාකච්ඡාවෙන් පස්සේ නිෂ්පාදනයට යන වියදම අඩුවෙන්න විසඳුම් ලැබිලද? නැත්නම් කිකිලියන් වැඩියෙන් බිත්තර දාන්න කැමති වෙලාද?
අප අමාරුවෙන් දමන බිත්තරයේ මිල අඩු කිරීමටත් වර්තමාන නායකයන් මැදිහත්වීමෙන් පෙනීයන්නේ ලංකාව කොතරම් දේශපාලනීකරණය වී බව නොවේද? අප දමන බිත්තරයටත් අභියෝග කළහැකි වටිනාකමක් තිබෙන බව සහ රජයේ අගමැතිවරුන් පවා මැදිහත් වීම පිළිබඳව අප සතුටු වෙමු.
ලංකාවේ දැවෙන එකම ප්රශ්නය බිත්තර මිල බව බිත්තර ඇමති පත්කළ බිත්තර කමිටුව සොයාගෙන ඇත...
ගිනි නිවන්න ඔය බිත්තරෙන් බැහැ ඇමැතිතුමෝ... විශාල වගාබිම් ඇතිකරන්න විනිමය උපද්දවා ගන්නත්, රටේ ජනතාවට රැකියා ලැබෙන්නත් පුළුවන්... කෘෂි දෙපාර්තමේන්තුවේ නිදිබර නිලධාරීන් අවදිකර වැඩගන්න බලන්න.
මගේ කුකුල් කොටුවේ කිකිළියෝ කතාවෙනවා ඇසුණා.. මේ රජයෙන් අපිට ලොකු සහනයක් ලැබුණා... දැන් පුංචි බිත්තර දාන්න පුළුවන් කියලා...
මේ වගේ දේවල් තියෙන්නේ ලංකාවේ විතරයි. එක්කෝ කුකුල් කෑම දෙන්නම් කියන්න ඇති. නැතිනම් බිත්තර දාන්නම් කියන්න ඇති.
පුදුමේ කියන්නේ මේ කතාව අහගෙන හිටපු අපේ ගෙදර කිකිලිත් අමුතු විදිහකට කෙකර ගාලා දැම්මනේ රුපියල් දෙකකින් අඩු බිත්තරයක්... ඒක බලාගෙන හිටපු මට නම් මාරම සතුටක් අනේ තියෙන්නේ... කාටද ආඩම්බර?
ළඟදි බිත්තර කෑවද.? දැන් සැපද?
මගේ අම්මෝ රුපියල් 2ක්ම අඩුකරලා. අදහාගන්නත් බැහැ.
අගමැතිතුමාට කිකිලියොත් බයයි වගේ.?
අනේ අනේ බිත්තර වලටත් පාලන මිලක්. තව ටික දවසකින් කොස් ගෙඩියටත් පාලන මිලක් එයි.