ඡන්ද නීති හදන කමිටුවේ කාලය දීර්ඝ කරයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (10) හිමිවිය. 10 December 2021
සිගරැට් 9000 ක් ගුවන්තොටුපලෙන් අල්ලයි ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙක් නීතිවිරෝධීව රැගෙන ආ සිගරැට් 9000 ක් අත්අඩංගුවට ගැනීමට ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීහූ සමත් වූහ. 10 December 2021
ප්‍රසන්නගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලා පියතුමන්ලා පිරිසක් සී.අයි.ඩීයට පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් බාරදුන්හ. 10 December 2021
පොහොර සමග ගල් සහ මැටි නොමිලේ හොරොව්පොතාන මරදන්කඩවල මැදවච්චිය නව ගොවි සංවිධානය සඳහා රජය මගින් ලබා දුන් ඝන කාබනික පොහොරවල තිබී ගල් සහ කිරල මැටි හමුවීම නිසා පොහොර මිටි 1175 ක් නැවත සමාගමට භාරදීමට කටයුතු කළ බව නව ගොවි සංවිධානයේ සභාපති එම්.කුමාරවංශ මහතා පවසයි. 10 December 2021
30ට වැඩි අයට බූස්ටර් දීම ඇරඹෙයි වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්දන එන්නත් බූස්ටර් මාත්‍රාව ලබාදීම කොළඹ දී අද (10) සිට ආරම්භ කෙරිණි. 10 December 2021
අදින් පසු ලයිට් නොකපයි විදුලි සැපයුම කිසිඳු ප්රදේශකට අද සිට විසන්ධි නොකරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 December 2021
බස් වෑන් ගැටී අයෙක් මරුට:14ක් රෝහලට අනුරාධපුර,පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහබුලංකුලම වංගුව ආසන්නයේදි නාවික හමුදාවට අයත් බස් රථයක් හා වැන් රථයක් අද අළුයම පහට පමණ මුහුණට මුහුණට ගැටිමෙන් වැන් රථයේ රියදුරා මිය ගොස් වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයන් හය දෙනකු හා නාවික හමුදා භටයන් අට දෙනකු තුවාල ලබා ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි. 10 December 2021
විශ්වවිද්‍යාවල ලියාපදිංචි වීමට දුන් කාලය දීර්ඝ කරයි කඩයිම් ලකුණු අනුව විශ්වවිද්‍යාවල ලියාපදිංචි වීමට ලබාදී තිබූ කාලය මේ මස 16 වැනිදා දක්වා දීර්ඝ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 10 December 2021
‘‘ගිලෙන නැව්වලට ගොඩවෙන්න මට පිස්සු නෑ‘‘ ගිලෙන නැවකට ගොඩ වීමට තමාට පිස්සු නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ පවසා තිබේ . 10 December 2021
සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු දිවි සිනමාවට සමුදෙයි 80 දශකයේ විනෝදාස්වාද සිනමාවේ ජනප්‍රිය සිනමාකරුවකු වූ ’’සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු’’ ලෙසින් විරුදාවලිය ලද ප්‍රවීණ ජනප්‍රිය අධ්යක්ෂ සහ රංගන ශිල්පී සුනිල් සෝම පීරිස් මහතා අද (10) අභාවප්‍රාප්ත විය. 10 December 2021
කුකුළු ගොවිපොළ හිමියන්ගේ අදෝනාව කුකුළු ගොවිපොළවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් සිය කර්මාන්තය කරගෙන යාම ඉතා දුෂ්කරවී ඇතැයි ගාල්ලේ කුකුළු ගොවිපොළ හිමිකරුවෝ පවසති. එමෙන්ම කුකුළු පැටව් ලබාගැනීම ද ගැටළුවක් වී ඇතැයි ඔවුහු කියා සිටිති. 10 December 2021
ඩොල්ෆින් මත්ස්‍යයන් නවයක් අභිරහස් ලෙස මියයයි මුලතිව් අලම්පිල් මුහුදු වෙරළට ගොඩගසා තිබූ මියගිය ඩොල්ෆින් මසුන් නව දෙනකුගේ සිරුරු ඉකුත් දින දෙක තුළ සොයාගත් බව උතුරු පළාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පවසයි. 10 December 2021
සුළං සමග අදත් තද වැස්ස දිවයිනේ පළාත් කිහිපයකට අද (10) රාත්‍රී හෝ සවස් කාලයේදී තරමක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 December 2021
අයවැය අවසාන ඡන්දය අද ලබන වසර (2022) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත( අයවැය ලේඛනය) පිළිබඳ තෙවැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද(10) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. 10 December 2021
විපක්ෂ නායකගේ චෝදනාව පොහොර බෙදන කටයුත්ත හමුදාපතිවරයාට බාර දෙනවා නම් මේ රටට කෘෂිකර්ම අමාත්‍යවරයකු හෝ පොහොර ඇමතිවරයකු කුමට දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රශ්න කළේය. 09 December 2021
මං කොල්ල කෑ කාරයෙන් ගොස් චේන් කඩලා හපුතලේ ඉදල්ගස්හින්න ප්‍රදේශයෙන් පැහැර ගත් පිරිස මෝටර් රථයෙන් ගොස් කඩුගන්නාවවේදී අද මංකොල්ලකෑමක් සිදු කළ බවට තොරතුරු ලැබී ඇතැයි හපුතලේ පොලීසිය කියයි. 09 December 2021
පැටවා මළ සොවින් කෙනර පොලිසිය ඉදිරිපිට කඳුළු සලයි දුම්රියක ගැටී මිය මියගිය අවුරුදු දෙකක් වයසැති අලි පැටවා වළ දැමු ස්ථානට දිනපතා එන එම පැටවකාගේ අලි අම්මා මහා හඬින් විලාප නඟා පැය ගණනක් එනත ගත කර පසුව ගල්ඔය පොලිසියට අසලට ගොස් නිසොල්මනේ රැඳී සිටිමින් තමන් වූ අවනඩුව කියා පාන්නා සේ රැඳී සිටින බව ගල්ඔය ගම්වාසීහු පවසති. 09 December 2021
කොළඹ 30ට වැඩි හැමට හෙට සිට බූස්ටර් කොළඹ මහ නගර සභා සීමාවේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්දන එන්නත් බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට (10) සිට ආරම්භ කිරීමට නියමිතය. 09 December 2021
‘‘සියලු විශ්ව විද්‍යාල රජයේ විය යුතු නෑ‘‘ මෙරට විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක්වීමට කිසිසේත්ම හේතුවක් නැති බවත් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්ව විද්‍යාල නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. 09 December 2021
මහ දවල් අමු අමුවේ කොල්ලයක් බම්බලපිටිය ලෝරන්ස් මාවතේ රථගාලකදී පුද්ගලයකුට අත් මාංචු දමා ඔහු පැමිණි මෝටර් රථයෙන්ම පැහැරගෙන ගොස් පැළඳ සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ රුපියල් 30,000 ක මුදල් කොල්ලකා ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. 09 December 2021
පළමු වටයේ ආසාදිතයන් 500 පනී කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 508 දෙනකු අද (9) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 09 December 2021
කොරෝනා මරණ 20 සීමාව අදත් පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 December 2021
අලුත් වාහන ලබන වසරෙත් නෑ වාහන අලුතින් ගෙන්වීමට ලබන වසරේත් අවසර ලබා නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 09 December 2021
ඩොලර් නැතිව කුස්සියේ බඩු වරායේ ගොඩ ගැසෙයි ඩොලර් හිඟය හේතුවෙන් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති. 09 December 2021
අලුත් අවුුරුදේ මැතිසබේ ජනවාරි 11 ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස 11 දින පැවැත්වීමට , අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 09 December 2021
නුවරඑළියට කේබල් කාර් - වීඩියෝ ලංකාවේ සංචාරක කර්මාන්තයට නව පුනරුදයක් ලබාදෙමින් පළමුවරට නුවරඑළිය සංචාරක කලාපය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ ආරම්භ කිරීමේ ව්‍යාපෘතියකට ස්විස්ටර්ලන්තයේ ආයෝජකයකු සමග ගිවිසුමකට අසත්සන් කළේය. 09 December 2021
ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක් උස්බකිස්තානයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 45 බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රීමාලි සමරකෝන් අද (9) සමත් වූවාය. 09 December 2021
හෙද සභා නිලවරණය අනිද්දා ශ්‍රී ලංකා හෙද සභාවට ඉදිරි වසර 5 ක කාලයක් සඳහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 32 කදී අනිද්දා (11) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ. 09 December 2021
අයවැය අවසාන ඡන්දය හෙට ලබන වසර (2022) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත( අයවැය ලේඛනය) පිළිබඳ තෙවැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (10) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. 09 December 2021
රංජන් වෙනුවෙන් මයන්ත පෙරට සිර දඩුවම් නියමව සිටින රංජන් රාමනායක මහතාට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි අධිකරණ ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 December 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026