ෆවුසිට ඇප ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 10 කට අධික පාඩුවක් කළ බවට හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට අධි චෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහු ඇප මත මුදාහැරීමටද නියම කළේය. 24 February 2023
වකුගඩු ලෙඩ වෙන්නේ ඇයි? වකුගඩුවේ ක්‍රියාකාරීත්වය මාස හෝ අවුරුදු කිහිපයක් මුළුල්ලේ සිට ක්‍රමයෙන් අඩු වීම මේ නමින් හැඳින්වේ. රසායනාගාර පරීක්ෂණ මගින් මෙය අනාවරණය කර ගත හැකි වනුයේ තත්ත්වය උග්‍ර වූ පසුවයි. සෑම පුද්ගලයන් 10 දෙනකුගෙන් 01 අයෙක් මේ තත්ත්වයට ගොදුරු වන අතර ඕනෑම වයසකදී වැළඳිය හැකිය. 24 February 2023
කෝඬුකාරයෝ දෙදෙනෙක් ටෙස්ට් ක්‍රිකට් සංචිතයට නවසීලන්තයට එරෙහිව ලබන මස පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට කෝඬුකාරයන් වන නිෂාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක ඇතුළත් කර තිබේ. 24 February 2023
සිසු විරෝධයට ආ ගුරුන් ගැන පරීක්ෂණයක් අධ්‍යාපන අමාත්‍යාංශයට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පැමිණීම සමඟ ඊයේ (23) ඇති වූ කලබලකාරී වාතාවරණය අතරතුරදී එහි සිටි ගුරුමාරු මණ්ඩල නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බව එම අමාත්‍යාංශය පවසයි. 24 February 2023
පුංචි ඡන්දය ගැන ඉඟියක් මාර්තු 3 වැනි දා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3 වැනි දින අලුතින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළේය. 24 February 2023
වසන්ත ඇතුළු පිරිස 27 තෙක් රිමාන්ඩ් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 24 February 2023
විනිසුරුවරුන්ගෙන් බදු අය කිරීමේ වළකන අතුරු නියෝගය දිගු කරයි මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු නියෝගය ලබන මස පළමු වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (24) නියෝග කළේය. 24 February 2023
ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වාහාම විවෘත කරන ලෙස ඉල්ලමින් බත්තරමුලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංයේ ඊයේ (23) පැවැති විරෝධතාව අතරතුරදී ඉසුරුපාය පරිශ්‍රයේ සිවුවැනි මහලේ සිටි ගුරුවරු මාරු නියෝජිතයන්ට පොලිසිය පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම පරිශ්‍රය ඉදිරිපිට ගුරු සංගම් අද (24) විරෝධතාවක් දැක්වීය. 24 February 2023
DFCC බැංකුව සහ CDB, හවුල්කාරිත්වයක විදේශ මුදල් සේවා වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරන බැංකුවක් වන DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන හතරෙන් එකක් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. 24 February 2023
සජබෙන් පොලිස්පතිට පැමිණිල්ලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මණ්ඩල රාජකාරි කටයුතුවල නිරතව සිටි ගුරුවරුන් පිරිසකට ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදී අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇතැයි පවසමින් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් අද (24) පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය 24 February 2023
රට බංකොලොත්: ජනපති නන් දොඩවනවා රට බංකොලොත් වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා නන් දොඩවමින් රට එකාධිපති ආඥාදායක පාලනයක් කරා ගෙනයාමට උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.හැකි නම් මැතිවරණය පවත්වා අලි පොහොට්ටු ආණ්ඩුවට ඇති ජනමතය උරගා බලන ලෙස, බොරු බේගල් ඇද බාන ජනාධිපතිවරයාට අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. 24 February 2023
‘‘තේ සන්නාමය ලංකාවේ දලූ නෙලන ජනතාව තවමත් ලැයිමේ‘‘ ‘අපිට තේවලින් විවිධ නව නිෂ්පාදනයන් සකස් කරලා ලෝක වෙළඳපොළ ජය අරගන්න සැලසුම් සකස් කළ යුතුයි. තේ සන්නාමය ලංකාවට තිබුණට, දලූ නෙලන ජනතාව තවම ලැයිම් කාමරයේ. ඔවුන්ට වැසිකිළියක් නෑ. නිසි සෞඛ්‍ය පහසුකමක් නෑ. තේ දල්ල අගය එකතු කිරීමේ නිෂ්පාදන සකස් කරලා ක්ෂෙත්රයේ සියලූ දෙනාට ප්රතිලාභ එන සැලසුම් සකස් කරනවා.’ 24 February 2023
පිළියන්දලත් පන්දම් විරෝධයක් විදුලි බිල දරන්න බෑ ගෙවන්න බෑ. ජන අයිතීන්ට අත නොතබනු, වැඩි කළ විදුලි ගාස්තු පහත හෙලනු, ජනතාවට සහන දෙනු යන මැයෙන් විරෝධතාපුවරු අතැතිව පන්දම් දල්වා විරෝධතාවයක් පිළියන්දල කොළඹ මාර්ගයේ පිලියන්දල නගරයේ ඔරලෝසුව කණුව අසලදී රී පැවැත්විණි. 24 February 2023
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විදේශ සහය සොයයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය ලබා ගැනීම වෙනුවෙන් සංවර්ධන නියෝජිත ආයතනවල සහය ලබාගැනීම වෙනුවෙන් විදේශ ආයතනවල සහය ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 24 February 2023
පාසල් නිල ඇඳුම් බෙදා දීම අරඹයි පාසල් සිසුන්ට නොමිලේ ලබා දෙන නිල ඇඳුම් රෙදි බෙදාහැරීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 24 February 2023
වෙඩික්කරුවෙක් කොටහේනෙන් අල්ලයි ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියකින් පැමිණ කොටහේන ගල්පොත්ත හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 24 February 2023
මැතිවරණය කල් දැමීම ගැන ලංකා සභාවෙන් නිවේදනයක් පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ අරමුදල් රඳවා තබාගැනීමට රජය ගෙන ඇති තීන්දුව දීර්ඝ කාලීන විපාක ඇති කරන අසාධාරණ සහ අත්තනෝමතික ක්‍රියාවක් බවත් නිදහස් දිනය වෙනුවෙන් රාජ්‍ය මුදලින් මහා ප්‍රසංගයකට අනුග්‍රහය දැක්වූ රජයට මැතිවරණය සඳහා වෙන්කළ මුදල් රඳවා ගැනීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැති බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 24 February 2023
සංචාරකයන් ගෙන්වන හැටි ජනපති ගාල්ලේ දී කියයි වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 February 2023
විදුලි සැපයුමෙන් සියයට 70 ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලිබල අමාත්‍යංශයේ දීර්ඝ කාලින ජනන සැලසුම සහ රජයේ ප්‍රතිපත්තිය අනුව වසර 2030 වන විට සමස්ත විදුලි සැපයුමෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමට, වසර 2050 වන විට කාබන් උදාසීනත්වය ලබාගැනීම සහ නව ගල් අඟුරු බලාගාර ඉදිනොකිරීම යෝජිත යැයි විදුලිය හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 24 February 2023
බොරතෙල්වලට මොනවා වෙයිද? පසුගිය මාස කිහිපයේ බොරතෙල් මිලේ විශේෂ වෙනස් කමක් සිදු නොවූවත් ඉදිරියේදී එය වෙනස් වනු ඇතැයි ඔයිල් ප්‍රයිස් වෙබ් අඩවිය පුරෝකථනය කර ඇත. 24 February 2023
සභාපති පුටුවේ ප්‍රශ්නයට මැතිසබය රත්වෙයි සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම කිරිම සම්බන්ධයෙන් ඇතිවූ වාද විවාද හේතුවෙන් මැතිසබය අද (24) පෙරවරුවේ උණුසුම්විය. 24 February 2023
බිල්පත්වලින් සියයට 53 ගෙවා අවසන් නව රජය බලයට පත්වන විට ගෙවීමට තිබූ බිල්පත්වලින් සියයට 53ක් හෙවත් රුපියල් කෝටි 19100ක මේ වන විට ගෙවා අවසන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 24 February 2023
නාවික හමුදා මෙහෙයුම් වලට නවීන රථ තුනක් නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් කොටස් එකලස් කර දේශියව නිෂ්පාදකය ක වාහන 3 නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත පසුගියදා නිල වශයෙන් නාවික හමුදා මුලස්ථානයේ දී සිදුකෙරිණ. 24 February 2023
තණකොළ කෘෂි බෝගයක් ලෙස නම් කරයි සත්ව ආහාර සඳහා වගා කරන තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. 24 February 2023
ජනපති ආරක්ෂක දිසාව බාරව නව නි.පොලිස්පතිවරයෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ආරක්ෂක දිසාව බාරව පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 24 February 2023
ක්න්ටේනරය කොට උඩ තබා රෝද ගලවාන යයි මෙරටුව එගොඩ උයනේ වසා දමා ඇති කර්මාන්ත ශාලා භූමියක ගාල් කර තිබූ ක්න්ටේනර් රථයක රෝද 11ක් සහ තවත් උපාංග රැසක් සොරාගත් බව කියන සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය කියයි. 24 February 2023
කෝපා කමිටුවට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් අද තේරී පත්විය. 24 February 2023
අධ්‍යාපන අමාත්‍යාංශයේ සිද්ධිය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක් ප්‍රචණ්ඩකාරී ශිෂ්‍යයන් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වූ අවස්ථාවේ දී අත්අඩංගුවට ගන්නා ලද ගුරු මණ්ඩලයේ දෙදෙනා තමා මැදිහත් වී නිදහස් කරගත් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 24 February 2023
යුද ගැටුම වළකන යෝජනාවට ලංකාව අත උස්සන්නේ නෑ රුසියානු - යුක්රේන යුද්ධය නවත්වන ලෙසත් රුසියානු හමුදාවන්ට යුක්රේනයෙන් වහාම ඉවත්වන ලෙසත් පවසමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරිපත් වූ යෝජනාවට නැවත වරක් ශ්‍රී ලංකාව ඡන්දය ලබා දීමෙන් වැළකී සිට ඇත. 24 February 2023
පොහොට්ටු ලේකම්ට වාරණයක් පළාත් පාලන මැතිවරණයට නිදහස් ජනතා සන්ධානයේ ‘හෙලිකොප්ටරය’ ලකුණෙන් තරග කිරීමට නාමයෝජනා භාරදී සිටින මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හයක සභාපතිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය ලබන මාර්තු 9 වැනිදා දක්වා අත්හිටුවමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. 24 February 2023
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026