IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


DFCC බැංකුව සහ CDB, හවුල්කාරිත්වයක

විදේශ මුදල් සේවා වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරන බැංකුවක් වන DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන හතරෙන් එකක් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. 

ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් අභ්‍යන්තර ප්‍රේෂණ සේවා ලබාගැනීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. ඒ අනුව CDB සමාගම, DFCC බැංකුව මගින් හඳුන්වා දෙන ලද පරිපූර්ණ, සුරක්ෂිත, කාර්යක්ෂම හා විශ්වසනීය මුදල් හුවමාරු සේවාවක් වන Lanka Money Transfer (LMT)  සමග අත්වැල් බැඳගත් 10 වැනි මූල්‍ය ආයතනය බවට පත් වී තිබේ.

මෙම හවුල්කාරීත්වය මගින් ගනුදෙනුකරුවන්ට මෙන්ම ආයතන දෙකටද ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙමගින් බැංකු නොවන මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට වැඩි කැමැත්තක් දක්වන විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඕමාන්, ඊශ්‍රායලය, ඔස්ට්‍රේලියාව, ජපානය, හොංකොං සහ සිංගප්පූරුව යන රටවල සිට මුදල් එවීමට පහසුකම් හිමි වේ. DFCC බැංකුව මේ වනවිට මුදල් ප්‍රේෂණ සේවා සම්බන්ධයෙන් තමන්ට හිමි වී ඇති පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරගැනීමට පියවර ගනිමින් සිටින අතර, CDB සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය එම උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි බව එම ආයතනය සඳහන් කරයි.

“අපගේ මුදල් ප්‍රේෂණ සේවා පුළුල් කරමින් ගනුදෙනුකරුවන්ට මෙරටට මුදල් එවීමට තවත් විකල්පයක් ලබාදීම සඳහා මේ ආකාරයට CDB සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය අපගේ සේවා ලබාගැනීම වඩාත් පහසු වීම සහ එකම තාක්ෂණික සේවා ක්‍රමවේදයක් භාවිතා කිරීමට හැකි වීම යන සාධක තුළින් දෙපාර්ශ්වයටම වාසි රැසක් ගෙනෙන පියවරක් වේවි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් සැපයීමට අප සෑම විටම උත්සාහ කරනවා. මෙම හවුල්කාරීත්වය එම උත්සාහය තවදුරටත් ශක්තිමක් කරන පියවරක් වනු ඇති බවට සැකයක් නැහැ.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසීය.

595



අදහස් (0)

DFCC බැංකුව සහ CDB, හවුල්කාරිත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site