
(යොහාන් භාසුර)
නවසීලන්තයට එරෙහිව ලබන මස පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට කෝඬුකාරයන් වන නිෂාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක ඇතුළත් කර තිබේ.
එම තරගාවලියට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් 17 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම් මේ මස 27 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.
ආරම්භක පිතිකරු 23 හැවිරිදි නිෂාන් මධුෂ්ක මොරටු මහ විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන අතර දකුණතින් වේග පන්දු යවන මිලාන් රත්නායක වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, නිෂාන් මධුෂ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, චාමික කරුණාරත්න, කසුන් රාජිත, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් ක්‍රිකට් බෝඩ්් එකට මොළයක් නැහැ. පරණ කට්ටිය මොනවට ගේනවද දන්නේ නැහැ. තරුණ ක්‍රීඩකයෝ ඉන්නවා හොඳට දක්ෂතා දක්වන.
අනේ උඹලා ඕකට ගියාට කමක් නෑ. ටිකක් ප්‍රසිද්ධ වෙනකොට, ලකුණු, විකට් ටිකක් ගන්නකොට ටිකක් ප්‍රසිද්ධ වෙනකොට උඩින් යන්න හදන්න එපා අර මොකාද වගේ. තමන්ගේ ගෞරවය මෙන්ම රටේ ගෞරවයත් රැකගන හොඳින් ක්‍රීඩාකර තමන්ටත්, රටටත් ගෞරවයක් ගෙනදීමට ශක්තිය, ධෛර්ය, නිහතමානී කම ලැබේවා. ඔබලා දෙදෙනාට සුබපැතුම්. තෙරුවන්සරණයි.
Good.Must introduce young blood and try but the old hands also should be at hand.
කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල ඉන්නවා.. අඩුපාඩුවකට තියෙන්නේ ධනුෂ්ක පමණි... එයත් ඇපපිට හරි ඕස්ට්‍රේලියාවෙන් නවසීලන්තයට ගෙන්වා ගත්තා නම් තුන්කට්ටුව සම්පූර්ණ වේවි..!
මොන දහජරාවැඩේ කළත්, ලෙඩ ඇඳේ සිටියත්, නැවත ඉපදිලා හරි සෙට් එක නම් ක්‍රිකට් පිලේ ඉන්නවා...
නිරෝෂන් දික්වැල්ල මොකටද දැම්මේ. ටී10 වගේ එකකට නම් හොඳයි. ඒ චාන්ස් එකත් අලුත් ප්ලේයර් කෙනෙකුට දෙන්න තිබ්බා කෘෘස්පුල්ලේ වගේ.
ලකුණු කෙසේවෙතත් මේ සෙට් එක කුරුස ගහන්න නම් දක්ෂයි...