(ඩයනා උදයංගනී)

අධ්‍යාපන අමාත්‍යාංශයට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පැමිණීම සමඟ ඊයේ (23) ඇති වූ කලබලකාරී වාතාවරණය අතරතුරදී  එහි සිටි ගුරුමාරු මණ්ඩල නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බව එම අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා හා වෘත්තීය සමිති නායකයන් අතර සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේ දී අද (24) පැවති අතර, එහි දී වෘත්තීය සමිති මගින් කළ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇත.

අමාත්‍යාංශ පරිශ්‍රය තුළ හතර වන මහලේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂාවක් සිදු කර අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට ද මෙහිදී තීරණය වූ බව එම අමාත්‍යාංශය පවසයි.