(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු නියෝගය ලබන මස පළමු වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (24) නියෝග කළේය.
මෙම පෙත්සම සභාපති විනිසුරු ධම්මික ගනේපොළ සහ ඒ.එස්.ආර් මරික්කාර් මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, දිස්ත්‍රික්ක විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් අධිකරණ අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කාර විනිසුරුවරුන්ගේ වටුපෙන් උපයන විට බද්ද අඩු කිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව තීරණයක් කර ඇත.විනිසුරුවරුන්ගෙන් බදු අයකිරීම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි වේ.එබැවින් වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාල තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද එම තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර විනිසුරුවරුන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි බව සඳහන් කර තියෙන්නේ මෙයාලා වෙනත් ලෝකෙකින් ආව අමුතු ජීවී කොට්ඨාශයක්ද?
එයාලාට විතරද සහන? එයාලාට විතරද ප්‍රශ්න තියෙන්නේ?
තමන්ගේ අතෙහි තියෙන හැන්දෙන් තමන්ට විතරයි බෙදා ගන්නේ... එහෙම නේද?
විනිසුරුවරු වැරදි පූර්වාකදර්ශයක් දීලා කොහොමද රටක් යදන්නේ. එංගලන්තෙ , ඇමෙරිකාවේ සහ අ්සල්වැසි ඉන්දියාවෙත් විනිසුරුවරුත් බදු ගෙවනවා. මෙහේ මොකද බැරි?
විනිසුරුවරු, පොලිස් නිධාරීන්, දොස්තරලා කියන්නේ රජයේ සේවකයෝ. කෙටියෙන් කියනව නම් මොවුන් ජනතා සේවකයෝ අපේ සේවකයොත් බදු ගෙවන්නේ නැතිනම් මහ ජනතාව වන අපි බදු ගෙවන්න අවශ්‍යද?
අපේ නඩු අපිම අහලා අපිට වාසිවෙන විදිහට තීන්දු දීගන්න බැරිද? හැම පුරවැසියෙක්ම නඩු කාරයෙක් කරමු...
හිතාගන්න පුළුවන් නේද මෙයාලා තීන්දු දුන්නු විදිය... තරාදිය දෙකට නමා....
ඔය අදාල වගන්තිය වෙනස් කරා නම් හරි නේ. ඇයි එයාලට විතරක් බදු ගෙවන්න බැරි? මාර වැඩක් නේ ඒක? එයාලා හොඳටම තර්ක ශාස්ත්‍රය දන්නව නේද? ඒක තර්ක ශාස්ත්‍රය අනුව කොහොමද සාධාරණය කරන්නේ.
තමන්ගේ වාසියට නිත හදන රටක්