(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3 වැනි දින අලුතින් ප්රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළේය.
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වැනි දාන නොපැවත්වෙන බව ද මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණ ඊට හේතු වූ බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයට අලුතින් දිනයක් නියම කළ ද ලබාදී ඇති නාමයෝජනා හා ඇප මුදල් ඊට වළංගු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ ප්රකාශකයෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් අච්චු ගහපු කොළටික අඩු නැතුව හොඳින් සුරක්ෂිතව ඇතිනේ. එහෙනම් කමක් නැහැ.
තත්ත්වය මේනම් ස්වාධීන කොමිෂන් සභා වලින් කිසිදු ඵලක් නැහැ . ඒ සියල්ල නමට විතරක්ම බව පහුගිය කාලෙ ඔප්පු කරලත් තිබෙනවා . ඒ වගෙම මේ හේතුව ඉදිරිපත් කරමින් ඉදිරියෙදි ඕනම මමැතිවරණයක් නොපවත්වා හැරිය හැකි බව පැහැදිලි නේද .
මේ අවස්ථාව ඡන්දයක් පැවැත්විය යුතු කාලයක් නොවේ. සියලුම පළාත් පාලන ආයතන විසුරුවා හැර, රට ස්ථාවරත්වයක් ඇතිවන තුරු, විශේෂ කොමසාරිස්වරුන් (පිළිගත් අපක්ෂපාතී පුද්ගලයින් මිස දේශපාලන හෙන්චයියන් නොවේ) පත්කර ඒවා පාලනය කළ යුතුයි. එම මුදල් පාසල් අවධියේ සිටින අනාගත පරපුරේ සුභසිද්ධිය පිණිස යෙදවිය හැකිය..
ඡන්ද තියන්නේ නැතිව ප්රජාතන්ත්රවාදය වළ දමන්න කටයුතු කළොත් IMF සහ පැන්රිස් ක්ලබ්, ඉන්දියාව සහ බටහිර රටවල් නම් අපේ පැත්තවත් බලන එකක් නැහැ. අපේ පොලී මුදලාලි චීනෙ නම් අපිව ගිල ගන්න කෙළ හල හලා බලා ඉඳීවි.