
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය ලබා ගැනීම වෙනුවෙන් සංවර්ධන නියෝජිත ආයතනවල සහය ලබාගැනීම වෙනුවෙන් විදේශ ආයතනවල සහය ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ විදේශ ආයතන නියෝජිතයන් අතර හමුවක් පසුගියදා කොළඹදී පැවැත්විණි.
මෙම හමුවට අසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය, ඇමෙරිකානු එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනය, ජාත්‍යන්තර මුල්‍ය ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව යන ආයතන රැසක් නියෝජනය කරන මෙරට ප්‍රධානීන් සහ ආයතන නියෝජිතයෝ සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරිමට පත් කළ කමිටුවේ නියෝජිතයෝ සහභාගි වූහ.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදේශීය සහ දේශීය බලශක්ති, මුල්‍ය සහ නීති ක්ෂේත්‍රයන්වල විශේෂඥයන් ගැනීම, ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම වෙන් කිරීමට අවශ්‍ය සහය ගැනීම, මූල්‍ය සහ බලශක්ති විගණනයන් කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමේදී මානව සම්පත් කළමනාකරණය කිරීම, රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාර ක්‍රමයන් පදනම් කරගැනීම සහ අනුගත කිරීම, නීති සම්පාදනය කිරීම සහ කෙටුම්පත් කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු කිරීම, පුනර්ජනනීය බලශක්තිය පදනම් කර ගනිමින් ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම, එම ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය සන්නිවේදන කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අවසන් වන තෙක් සැලසුම කාර්යාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ලබාගැනීම ආදි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර එම සහය එම ආයතන සහ කණ්ඩායමක් ලෙස බෙදාගනිමින් සැපයීමට එකඟතාව පළවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බිල උපරිම වැඩි කරල CEB එක කණු කොල්ලෙට විකුනන්න තමා ඔට්ටුවෙන්නෙ
විදුලිබිල වැඩි කළේ ලාබලබන බව පෙන්නන්න. විකිණුවාට පස්සේ අතිරික්ත සේවකයින් අයින් කරලා බොරු OT කපා හැරලා නියම ලාභයක් ලබාගනියි. සමහරවිට විදුලි බිල අඩු වෙන්නත් ඉඩ තිබේ. නියමයි කංචන! සුදු අලි ටික විකුණා දමන්න...
විදුලි බිල වැඩි කළේ ඔන්න ඔය මාර්ගියෙන් ලොකු කොමිස් කුට්ටියක් කඩා ගන්න තමයි. මෙයා අප්ප කළ අපරාදවලට දැන් නොවිඳිනා දුක් විඳිනවා. මේකා ඒවා දැක දැක මහජනතාවට කරන අපරාදෙට හොඳක් සිද්ධ වෙන්නේ නෑ.
විදුලිබිල වැඩිකරන්න ඉස්සරවෙලා ඕක ප්‍රතිව්‍යුහගත කරන්න බැරි වුණේ මොකද?