පොලිස් චරිතයට පණ දී දුරකතන 90 කොල්ල කාලා පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් යතුරුපැදියෙන් ගොස් පුද්ගලයන් බිය කර ඔවුන් සතු ජංගම දුරකථන 90 ට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිගණක ඇතුළු භාණ්ඩ කොල්ලකෑ දෙදෙනකු කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් මෝදර දී අත්අඩංගුවට ගෙන ඇත. 11 March 2023
රාජපක්ෂ දෙපළකට මුල් පුටු දෙකක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ සභාපති ලෙසත් පත් කරනු ලැබ සිටිති. 11 March 2023
උත්සවයකට ගිය ඇමති දෙපළට විරෝධයක් වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙසේ විවෘත කිරීමට ගිය අමාත්‍යවරුන් දෙදෙනකුට ප්‍රදේශවාසීගේ දැඩි විරෝධයක් එල්ල විය. 11 March 2023
දුම්රිය වැසිකිළියේ බිළිඳා දමා ගිය යුවල අත්අඩංගුවට මීනගයා දුම්රියයේ වැසිකිළිය තුළ බිලිඳු දරුවා දමා ගිය තරුණ පෙම්වතුන් යුවළ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි 11 March 2023
මාලදිවයින සීෂෙල්ස් දූපත්වල රක්ෂණ ශාඛා වැසේ රක්ෂණ සංස්ථාව මාලදිවයිනේ සහ සීෂෙල්ස් දූපත්වල පිහිටුවා ශාඛා දෙක විශාල මූල්‍ය පාඩුවක් ලබා ඇති හෙයින් ඒවා විධිමත් ආකාරයට වසා දැමීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දීමට කෝප් කමිටුව තීරණය කර ඇත. 11 March 2023
චීනයේ නව අගමැති පත් වේ තෙවන වරටත් චීන ජනාධිපති ධුරය සඳහා තේරී පත් වූ ෂී ජින්පින් එරට අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඔහුගේ සමීප ආධාරකරුවකු වන ලී චියෑන්ග් නම් කර තිබේ. 11 March 2023
සූර්යා සුවඳකූරු සංඛපාල යයි සූර්යා සුවඳකූරු සිය සදහම් සැරිසර ඓතිහාසික ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරයේ දී මැදින් පුන් පොහෝ දා පැවැත්විණි. 11 March 2023
සැපයුම්කරුවන් පහළොවකට කෝටි 50ක පොල්ලක් රජයේ මුද්‍රණාලයට භාණ්ඩ සැපයූ සැපයුම්කරුවන් පහළොස් දෙනකුට මහ භාණ්ඩාගාරය රුපියල් කෝටි 50කට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ. 11 March 2023
ශ්‍රී ලංකන් හදන ලසාඩ් වාර්තාව එන මාසයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අදාල උපදෙස් ඇතුළත් ලසාඩ් ජාත්‍යන්තර මූල්‍ය සහ වත්කම් කළමනාකරණ සමාගමේ විශේෂ උපදේශාත්මක වාර්තාව ලබන මාසයේදී පමණ ලැබෙනු ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 11 March 2023
පොහොට්ටුවේ සභාපති පුටුව දේශපාලනයෙන් පිට ප්‍රබලයකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ ඉහළ අවධානය යොමුවී ඇත. 11 March 2023
විදුලි උපකරණ සොරෙක් මාට්ටු වත්තල විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ ආයතනයක ගබඩාවක් බිඳ රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා රූපවාහිණී,ලැප්ටොප් , හා ශිතකරණ ඇතුලු උපකරණ රැසක් සොරාගත් සැකකරුවෙන් අද (10) වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 March 2023
සබරගමු සරසවි වොලිබෝල් තරග අවසානයේ ගහගෙන සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සහ ව්‍යවහාරික පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර පැවති වොලිබෝල් තරඟාවලිය අවසානයේ ඇති වූ ගැටුමකින් සිසු සිසුවියන් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි. 11 March 2023
දෙපිරිසක් ගැටී අයෙක් මරුට දෙකක් රෝහලට මහනුවර දවුලගල හන්දෙස්සේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි දවුලගල පොලිසිය පවසයි. 11 March 2023
කෝටි 16ක රත්තරන් කටුනායකදී මාට්ටු ඉන්දියාව වෙත රත්තරන් ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් පස් දෙනක් රුපියල් කෝටි 16 කට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. 11 March 2023
පළාත් කිහිපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (11) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දද් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 11 March 2023
නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපතිනිය අත්අඩංගුවට නැගෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ සංගමයේ දෙමාපියන් හා ඥාතීන් විසින් වව්නියාව නගරයේ පවත්වාගෙන යන කුටියකට අනවසරයෙන් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් එම සංගමයේ සභාපතිනිය අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය පවසයි. 10 March 2023
දුම්රිය වැසිකිළියක මල් කැකුළක් දමා ගිහින් කොළඹ කොටුවේ සිටමඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ තුන්වෙනි පන්තියේ මැදිරියක වැසිකිළිය තුළ තිබී අද (10) රාත්‍රී හතයි තිහට පමණ බිළිඳෙකු සොයාගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි 10 March 2023
රාජ්‍ය සේවක පළාත් පාලන අපේක්ෂකයන්ට මූලික වැටුප දෙන්න පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින්ට මාර්තු මස 09 වනදා සිට එම ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු යැයි මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 10 March 2023
විදුලිබල - ඛනිජ තෙල් සාමූහික ගිවිසුම්වලින් ඉවත් වෙයි විදුලිබල මණ්ඩල සහ ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති සහ එම ආයතනවල පාලන අධිකාරිය අතර සාමූහික ගිවිසුමෙන් ඉවත්වන ලෙස එම ආයතනවලට දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (10) පැවසීය. 10 March 2023
විදුලි බිල වැඩි කළාට එරෙහිව ජනකගෙන් පෙත්සමක් අත්තනෝමතික මෙන්ම නීතීයට පටහැනි අන්දමට විදුලි ගාස්තු වැඩි කිරීමටට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා මහජන උපයෝගිතා කොමිමේ සභාපති ජනක රත්නායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 10 March 2023
ගැඹුරු මුහුදේ වික්‍රමයක් ශ්‍රි ලංකාවට නැගෙනහිරින් වු පවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 54 ක් දුරින් ගැඹුරු මුහුදේ කාර්මික දෝෂයක් හේතුවෙන් අපදාවට පත්ව තිබු බහුදින යාත්‍රාවක සිට ධීවරයින් නාවික හමුදාව විසින් අද (10) බේරාගත් බව නාවික හමුදාව කියයි. 10 March 2023
කාවින්දට අලුත් තනතුරක් දූෂණයට එරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෝලීය සංවිධානයේ ’’GOPAC 2023’’ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පත්ව තිබේ. 10 March 2023
වත්තල ගබඩාවකට සුද්දයක් දුන් අයෙක් මාට්ටු වත්තල මීගමුව පාරේ පිහිටි විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ ආයතනයක ගබඩාවක් බිඳ රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා රූපවාහිණී,ලැප්ටොප් , හා ශිතකරණ ඇතුලු උපකරණ රැසක් සොරාගත් සැකකරුවෙන් අද (10) වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 March 2023
ආචාරය නොලැබුණැයි එස්.එස්.පී.ට යකු නැගලා පානදුර නගර මධ්‍යයේ දී කාන්තා පොලිස් නිළධාරීනියන් පිරිසකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයකු අසභ්‍ය ලෙස බැන වැදී ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. 10 March 2023
ඩීසල් අලෙවිය සියයට 50 කින් අඩුවෙයි ඩීසල් අලෙවිය සියයට 50 කින් අඩු වී ඇති බවත් පෙට්‍රල් අඩවිය සියයට 30 කින් සිදුවී ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 10 March 2023
අනියම් බිරියගෙන් සල්ලි ගෙන්වා ගන්න සිඟිත්තියට පහරදීලා විදේශ ගතව සිටින අනියම් බිරිඳගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා අවුරුදු එක හමාරක් වයසැති දියණියකට කෲර වධහිංසා ලබාදුන් තිස් හැවිරිදි තිදරු පියකු පොලිසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි, 10 March 2023
ආණ්ඩුවේ මර්දනයට තුම්මුල්ලේ විරෝධය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ ඇතුළු විශාල පිරිසක් එකතුව පසුගිය දිනවල උද්ඝෝෂණවලට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාර ඇතුළු ආණ්ඩුවේ මර්දනයට එරෙහිව බම්බලපිටිය, තුම්මුල්ල හන්දියේ අද (10) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 10 March 2023
විවෘත විශ්වවිද්‍යාල සිසු සිසුවියෝත් පාරට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නාවල පිහිටි එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (10) දහවල් පැවැත්වීය. 10 March 2023
කුඩම්මාගේ පහරදීමෙන් 17 දැරිය රෝහලේ රාගම කුරුකුලාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි දැරියකට ඉතා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට ලක් කළේ යැයි කියන එම දැරියගේ 39 හැවිරිදි කුඩම්මා රාගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 10 March 2023
රන්ටැඹේ පුහුණුට ආ සිසුවියකට අතවරයක් හසලක ශිෂ්‍ය භට පුහුණු කඳවුරකට ගිය මහනුවර ප්‍රදේශයේ බාලිකා පාසල සිසුවියකට එම කඳවුරේ නාවාතැනගෛන සිටියදි රාත්‍රී කාලයේ පැමිණි නාඳුනන අයකු අතවරයක් කර පළාගොස් ඇතැයි හසලක පොලිසිය කියයි. 10 March 2023
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026