පූජිත්-හේමසිරි එරෙහි පෙත්සම විභාගයට අවසර පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුතු බවට චෝදනා කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහිව පවරා තිබූ නඩුවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. 13 March 2023
පවිත්රාට අලුත් තනතුරක් ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලංකා - යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනිය ලෙස තේරීපත් වූවාය. 13 March 2023
සරණට ඇප සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් කුලී පදනම මත වාහන ලබා ගෙන මණ්ඩලයට රුපියල් ලක්ෂ 35 ක අලාභයක් වන අන්දමට කටයුතු කළ බවට චෝදනා ලැබු හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා නියම කළේය 13 March 2023
කොන්දක් තිබේ නම් ඡන්දයක් තියන්න පිටකොන්දක් තිබෙනවා නම් මන්ත්‍රීධූරවලින් ඉවත්වී ඡන්දයක් පවත්වා ජනතාවගේ කැමැත්තෙන් නැවත පත්වීමට උත්සාහ කරන්නැයි වත්මන් පාලකයන්ට දැනුම් දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 13 March 2023
ජනපතිට ’’අභිනන්දන’’සම්මානයක් නීති ක්ෂේත්රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගැයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි. 13 March 2023
‘‘හෙළිකොප්ටරයෙන්‘‘ ඇවිත් මැණික් ගරලා දෙණියාය ,පල්ලෙගම ප්‍රදේශයේ වෙල්යායක බලපත්‍ර රහිතව මැණික් ගරමින් සිටි මෙවර පළාත් පාලන මැතිවරණයට හෙලිකොප්ටරයෙන් නාමයෝජනා ලබා දුන් අපේක්ෂකයකු ඇතුළු 05 දෙනකු ගැරීමට යොදා ගත් උපකරණ සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 March 2023
සාමාන්‍ය පෙළ විභාගය කල්යයි? මැයි මස පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය (2022) කල්යෑම ඉඩ ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 13 March 2023
හූනියමක් කරන්න 105 මවගේ ඔළුව ගලවලා උදාගම පොදු සුසාන භූමියේ මිහිදන් කළ කාන්තාවකගේ සිරුරක හිස ගොඩගෙන ඡායාරූප ගතකර සමජ මාධ්‍ය ජාලාවලට මුදා හළ තිදෙනකු අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය කියයි. 13 March 2023
බාල ඖෂධ බෝතල් 6000 ක් කුණු කූඩෙට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් කිහිපයකට බෙදා හැර තිබූ ඖෂධ බෝතල් 6000 ක තොගයක් තත්වයෙන් අසමත් බවට තහවුරුවීම හේතුවෙන් එම ඖෂධ බෝතල් ( පාවිච්චි කර ඉතිරිව තිබූ කොටස) 2021 වර්ෂයේදී භාවිතයෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 13 March 2023
අයිඩියල් මෝටර්ස් දේශීයව නිපදවූ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ ගොඩබිම් හා මුහුද ආශ්රිත මෙහෙයුම් කටයුතු සඳහා රළු මාර්ගවල ගමන් කිරීමේ හැකියාව සහිත, යුද කටයුතු සඳහා භාවිත කළ හැකි ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල්’ (Combat All Terrain Vehicle) රථ පෙළක් දේශීය තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාරදීම පසුගියදා සිදු විය. 13 March 2023
සහන කාලයේදී ඩොලර් මිලියන 30 ක් එළියට මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලාංකිකයන් සඟවා ගෙන සිටි ඇමෙරිකානු ඩොලර් හුවමාරු කිරීම සඳහා මහ බැංකුව ලබා දුන් සමා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක මුදල් ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට පැමිණි බවත් වර්තමානයේ රුපියල ශක්තිමත් වීමට පටන් ගැනීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් හදිසියේ දේශීය වෙළඳපොළට පැමිණ ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය. 13 March 2023
සංචාරකයාගේ බෑගයෙන් කෝටි දෙකක කොකේන් මතුවෙයි රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් සමඟ මැසිඩෝනියානු ජාතිකයෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අද (13) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පැවසීය. 13 March 2023
මියුසියස් විදුහලේ ක්‍රීඩා උළෙලින් කොළඹ මියුසියස් විදුහල් වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා තරගාවලියේ (2023) සමස්ත ශූරතාව ‘බෙසන්ට්’ නිවාසය දිනාගැනීමට සමත් විය. අනු ශූරතාව ‘ද ආබෲ’ නිවාසයට හිමිවිය. 13 March 2023
වරාය සේවකයෝ අදත් විරෝධයේ ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති උපයනවිට බද්ද වාහා අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ වරාය සේවකයෝ වරාය ඉදිරිපිට අද (13) දහවල් විරෝධතාවක් පැවැත්වූහ. 13 March 2023
ආදි ආනන්ද-නාලන්ද ක්‍රිකට් ගැටුම ඩුබාහිදී එක්සත් අරාබි එමිර් රාජයේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් සහභාගි වන ‘ඕල්කට්’ අනුස්මරණ අන්තර් පාසල් ආදි ශිෂ්‍ය වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල් ආදි සිසු කණ්ඩායම සමත් විය. එහි අනු ශූරතාව කොළඹ නාලන්දා විදුහල් ආදි සිසු කණ්ඩායමට හිමිවිය. 13 March 2023
අයවැයෙන් ඡන්දෙට වෙන කළ සල්ලි ප්‍රමාණවත්ද? අයවැයෙන් මැතිවරණවලට වෙන්කර තිබෙන මුදල ප්‍රමාණවත්දැයි මැතිවරණ කොමිසම සිතා බැලිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 13 March 2023
පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන කසිප්පු මුදලාලි මාට්ටු කසිප්පු විකිණීමේ ජාවාරමක නිරතව සිටි බව කියන මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු කසිප්පු බෝතල් 50ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මාදම්පේ උඩවෙල ප්‍රදේශයේදී පෙරේදා 12වැනිදා මාදම්පේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 13 March 2023
නවසීලන්තය තියුණු ජයක් සංචාරක ශ්‍රී ලංකාවට එරෙහිව ක්රයිස්ට්චර්ච්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය කඩුලු 2 ක තියුණු ජයක් අද (13) ලැබීය. 13 March 2023
සරණාගත කඳවුරට හිතාමතා ගිනිතබලා? ගිනිකොනදිග බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරක පසුගිය 5 වැනිදා එරට වේලාවෙන් පස්වරු 2.30 ට පමණ ඇති වූ ගින්න සැලසුම් සහගතව සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. 13 March 2023
අපව සුවයෙන් තබන සැප නින්ද අද අපි කතා කරන්න යන්නේ බහුතරයක් කැමැති මාතෘකාවක් ගැනයි. එනම් අපේ නින්ද ගැනයි. දවස තිස්සේ එක හැල්මේ වැඩ කරන අපි විවේකයක් ලබා ගන්නේ රාත්‍රී නින්ද නිසයි. ඒත් ඒ සුවබර විවේකය අහිමි වූවෝද වෙති. සමහරුනට නම් වැටුණු වැටුණු තැන නින්ද යන, නින්දට තැනක් නොතැනක් නැති ගාණයි.එයද සුවබර නින්දක් නොවේ. එසේ නම් අපි කොහොමද අඩුම ගාණේ පැය 08ක පමණ නින්දක් ලබා ගන්නේ? මේ ඒ ගැනයි. 13 March 2023
ඔස්කාර් සම්මාන උළෙලින් 95 වෙනි ඇකඩමි සම්මාන උළෙල (ඔස්කාර් සම්මාන උළෙල) ඊයේ(12) ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී එරට වේලාවෙන් පස්වරු 8 ට ආරම්භ විය.හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය ඔස්කාර් සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. 13 March 2023
විමල්ට වරෙන්තු එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව පවතින නඩුවටක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (13) වරෙන්තු නිකුත් කළේය. 13 March 2023
සිවිල් ඉංජිනේරුවා මත් පෙති සමග මාට්ටු මත් පෙති අලෙවි කළ බව කියන සිවිල් ඉංජිනේරුවකු බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව කොස්මෝදර පොලීසිය පවසයි. 13 March 2023
ශ්‍රී ලංකන් ණය කන්ද ඩොලර් කෝටි සියය පන්නයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 ක අධික ණය බරක ගිලී සිටින බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 13 March 2023
පේරේ ට ගන්න කලින් මනස ගැන සොයයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්නා සියලුම නවක සිසුන් මෙම වර්ෂයේ සිට කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බව එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා පවසයි. 13 March 2023
නිරුවත් ඡායාරූප පෙන්නා ලක්ෂ 26ක් කප්පම් කාලා පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි පොලිසිය කියයි 13 March 2023
ගලකින් ගහලා රන්මාලය කොල්ල කාලා මඩකලපුව පුනානි මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුගේ හිසට සහ මුහුණට ගලකින් පහරදී ඔහු ගෙබැද සිටි රුපියල් ලක්ෂ 3 ට රන් මාලයක් කොල්ල කා ගොස් ඇතැයි පොලිසිය පවසයි. 13 March 2023
‘‘පරිප්පුවාට‘‘ වෙඩි තැබූවැයි තිදෙනෙක් මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක නොහොත් පරිප්පුවා නැමැත්තා ඉලක්ක කරගෙන වැල්ලම්පිටිය කොටුවීල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි . 13 March 2023
පළාත් 4 ක වෛද්‍යවරු වර්ජනයක රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අරඹා ඇති ඒකාබද්ධ වර්ජන ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබා දෙමින් බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල පිහිටි සියලු රෝහල්වල අද (13) උදෑසන 8.00 සිට එක්දින වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 13 March 2023
යාල් දේවි ඔරුගොඩ වත්තෙන් පීලි පනී කොළඹ කොටුව සිට අනුරාධපුර බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය ඔරුගොවත්ත ප්‍රදේශයේදී පීලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 13 March 2023
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026