තෝරු මෝරු අල්ලන දිනය ගැන ඉඟියක් මත්ද්රව්ය ජලයේ සිටින තෝරු මෝරු අල්ලා ගැනීමේ මෙහෙයුමද ළඟදීම අරඹන බව වැඩ බලන පොලිස්පති දේශපන්දු දෙන්නකෝන් මහතා පැවසීය. 24 December 2023
වරාය නගරයේ සේවා සැපයුම් ආයතනය බද්දෙන් නිදහස් චීනය ප්රමුඛ කව කොළඹ වරායේ ඇරඹීමට යෝජිත සේවා සැපයුම් මධ්යස්ථානයට ආයතනික ආදායම් බදු සහ ලාභාංශ මත රඳවා තබා ගැනීමේ බදු සඳහා වසර 15 නිදහස් කිරීමක් රජය ලබා දී තිබේ. 24 December 2023
සිරකරුවන් 1,004 ට ‘නත්තල්’ සමාව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 1,004 කට විශේෂ රාජ්ය සමාව ප්රදානය කරන බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක මහතා පැවසීය. 24 December 2023
කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වැඩි කරයි නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් දැනට දී ඇති ආරක්ෂාව ප්රමාණවත් නොවේ නම් පොලිස් මූලස්ථානය දැනුවත් කළ හැකි බවත් පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 24 December 2023
සිංහල සිනමාවේ විශිෂ්ටතම දුෂ්ටයෙක් ජීවන සටන නිමා කරයි ප්රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්රාප්ත වී තිබේ. 24 December 2023
මත්ද්රව්ය ජාවාරම්කරුවෙක් මාට්ටු මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන මානගේ සුමුදු දුෂ්මන්ත නොහොත් රංග නැමැත්තා නීති විරෝධී මත්පෙති සහ මත්ද්රව්ය සමග ගනේමුල්ලේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 24 December 2023
තව ටික දවසකින් හට්ටි මුට්ටි උකස් කරන්න වෙයි ආණ්ඩුව යන ගමන නවතින්නේ ගෙදර තිබෙන පිඟන් කෝප්ප මෙන්ම හට්ටි මුට්ටි උකස් කරන තත්ත්වයකට පැමිණ යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්රධාන සංවිධායක මුජුබුර් රහුමාන් මහතා පැවසීය. 24 December 2023
මිලියන 7 ක් කොවිඩ් වලින් මැරිලා පසුගිය 17 වැනිදායින් අවසන් වූ දින 28 කාලය තුළදී ගෝලීයව පුද්ගලයන් 850,000 ක් කොවිඩ් රෝගය වැළඳී ඇති බවත් කොවිඩ් රෝගය හේතුවෙන් පුද්ගලයන් 3000 කට ජීවිතය අහිමි වී ඇති බවත් ලෝක සෞඛ්ය සංවිධානය ප්රකාශ කළේය. 24 December 2023
නුසුදුසු අයගේ සාම විනිසුරු පත්වීම් අහෝසි ආවාට ගියාට සාම විනිසුරු පත්වීම් දෙන්නේ නැතැයි අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 24 December 2023
ඉන්ධන ගෙන මුදල් නොදී පලාගිය රුසියානුවා අල්ලයි හබරාදුව ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් තම මෝටර් රථය සදහා ඉන්ධන ලබාගෙන මුදල් නොදි පලායමින් සිටි රුසියානු ජාතිකයෙකු හබරාදුව ගුවන්තොටුපොළ අසලදි අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි. 24 December 2023
අධිවෙිගී මාර්ග ගැටලු වලට විසැඳුම් සොයයි මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය ඉටුකරන කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්ණි. 24 December 2023
‘බාර්’ හෙට - අනිද්දා වහයි මත්පැන් අළෙවිසැල් හෙට සහ අනිද්දා (25 සහ 26) දෙදින වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 24 December 2023
කොස්තාපල්ට ලැබුණ තෑගී මුදල් අතරේ ව්යාජ නෝට්ටු බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අගයමින් ලබා දී තිබූ පොලිස් ත්යාග මුදල් අතර ව්යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දෙකක් තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. 24 December 2023
වෑන්රිය ගැටී මගී නැවතුමේ සිටි අයෙක් මරුට යාපනය බලා විනෝද චාරිකාව යෙදෙමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් පාරෙන් ඉවතට ගමන් කර සිදු වූ අනතුරකින් බස් නැවතුම්පල රැදී සිටි පුද්ගලයෙකු අද (24) ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි. 24 December 2023
මෙම සති අන්තයේ විදුලිය කපන්න එපා උත්සව සමය හේතුවෙන් ලබන සති අන්තයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙසත් හදිසි නොවන නඩත්තු කටයුතුවලට විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙසත් ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්ය කාංචන විජේසේකර මහතා පැවසීය. 24 December 2023
කොටලීය පාලමෙන් ලොරියක් පෙරැලෙයි පොළොන්නරුව මඩකළපුව ප්රධාන මාර්ගයේ, මාරක අනතුරු රැසක් සිදුවීමෙන් ජීවිත කීපයක් බිලිගෙන ඇති මනම්පිටිය කොටලීය පාලමෙන් අද ( 24 ) උදෑසන ලොරියක් ඔයට වැටීමෙන් රියදුරාගේ සහ සහායකයාගේ ජීවිත අනූනමයෙන් බේරී ඇති බව මනම්පිටිය පොලිසිය කියයි. 24 December 2023
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්රවාහන දුම්රියක් දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතරදි පීලිපැනීමට ලක් විමේන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (24) සාමාන්ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 24 December 2023
බසය අලියාගේ ගැටී 6ක් රෝහලේ ඉපලෝගම මහඉලුප්පල්ලම ප්රද්ශයේදී මගී බස් රථයක් අද (24) උදෑසන වන අලියෙකුගේ ගැටීමෙන් සිදුව ඇති අනතුරකින් එහි ගමන් ගත් මගීන් 06 දෙනෙකු තුවාල ලබා ප්රතිකාර සදහා රෝහල් ගතකර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි. 24 December 2023
‘යුක්තිය’ පාතාල - මත්ද්රව්ය ජාවාරුමුවෝ 13,000 ක් අල්ලයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්රියාත්මක වූ ‘යුක්තිය’ පාතාලය සහ මත්ද්රව්ය මැඩලීමේ මෙහෙයුමේ පළමු අදියර වූ පසුගිය දින හතේදී සැකකරුවන් 13,666 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 717 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්රියාත්මක වන බවත් මහජන ආරක්ෂක අමාත්යංශය පැවසීය. 24 December 2023
මත් කරල් සමඟ ෆාමසි සහායකයෙක් අල්ලයි පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන ෆාමසියක සහායකයෙකු ලෙසින් සේවය කරන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . 24 December 2023
‘යුක්තිය’ මෙහෙයුම දින 3 ක ට අත්හිටුවයි උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරිවලට යොමු කිරීමට අවශ්ය බැවින් මත්ද්රව්ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් සොයාකරන ‘යුක්තිය’ මෙහෙයුම අද (24) සිට දින කීපයකට අත්හිටුවන බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 24 December 2023
මාතර බන්ධනාගාරයේ තවත් 8 ක් රෝහලට මාතර බන්ධනාගාරයේ පැතිර යන උණ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 8 දෙනෙකු ඊයේ (23) රාත්රී රෝහල් ගත කළ බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක මහතා පැවසීය. 24 December 2023
පළාත් කිහිපයකට විටින් විට වැසි උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 24 December 2023
‘‘අපට යන්න තැනක් හොයා දෙන්න‘‘ මොරගහකන්ද ජල ව්යාපෘතිය හේතුවෙන් හුදකලා වු නාඋල මොරගොල්ල හා ඕපල්ගල ගම්මාන දෙකේ පදිංචිකරුවන් එම ප්රදේශවලින් ඉවත් කරන්නැයි ගම්වාසිහු ඉල්ලීමක් කරති. 24 December 2023
පාලාත් ආයතන ගිනුමත් ඔන් ලයින් වේ දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවලට සිදු කරනු ලබන සියලු ගනු දෙනු ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය හරහා ගෙවීමේ පහසුකම් ලබන 31 වනදාට පෙර ලබා දෙන බව රාජ්ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර මහතා කීය. 24 December 2023
කොරෝනා මරණයක් මහනුවරින් වාර්තා වේ හුස්ම ගැනීමට අපහසු තත්ත්වයෙන් සහ පෙනහළු ආසාදිත තත්ත්වයකින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇති බවත් ඔහුගේ මරණයෙන් පසු සිදු කළ පී.සීආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවට මහනුවර ජාතික රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි . 23 December 2023
කලින්ම ඉපඳුණු දරුවා වළ දමලා උපන් හැටියේ මරා වළ දැමූ බවට සැකකරන කුඩා බිළිඳකුගේ සිරුරුතඹුත්කේගම තේක්කවත්ත ප්රදේශයේ දි අද ගොඩගත් බව පොලිසිය කියයි. 23 December 2023
පාතාලයේ කෙරුම් ඇමැති බලයි මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි පොලිසිය ක්රියාත්මක කරන මත්ද්රව්ය ජාවාරම සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුම්දී පසුගිය දින කිහිපයේ කොළඹ ප්රදේශයෙන් අත්අඩංගුවට ගත් අපරාධකරුවන් සතුව පැවති නීති විරෝධී මාර්ගවලින් උපයාගත් මුදල්වලින් මිලදී ගත් බස් රථ සහ කාර් රථ ඇතුළු වාහන රැසක් අමාත්ය ටිරාන් අලස් මහතා පරීක්ෂා කළේය. 23 December 2023
උඩුවරදී අදත් දුම්රියක් පීලි පනී මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්රවාහන දුම්රියක් අද (23) සවස හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන දෙක අතරේදී පිළිපැනීමට ලක් වීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ කියයි. 23 December 2023
තෙල් බවුසරය පාර වහයි ලීටර් 33,000 රැගත් තෙල් ප්රවාහන බහුසරයක් හරස් වීම හේතුවෙන් අද 23 රාත්රී 7.00 පමණ සිට කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර ප්රදේශයෙන් පැයක පමණ කාලයක් මාර්ගය අවහිර වූ බව හපුතලේ පොලීසිය කියයි. 23 December 2023
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026