හැටන් පාසල් ප්රවාහන සේවා හදිසි පරීක්ෂාවක් හැටන් ප්රදේශයේ රාජ්ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක් කෙරිණි. 30 September 2024
දෙබරු ඇන 10 කට තුවාල බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප්රහාරයට ගොදුරු වී තුවාල ලැබු බව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ බදුල්ල දිස්ත්රික් කාර්යාලය පවසයි . 30 September 2024
තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ. 30 September 2024
අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට විරෝධයක් ශිෂ්යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශිෂ්යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ගේ දෙමාපියන් බව කියන පිරිසක් අද (30) දින පැලවත්ත ඉසුරුපාය අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට දී විරෝධතාවය නිරත වූහ. 30 September 2024
ගඟට පැන්න අයගේ දිවි බේරේ මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑසන සමත් විය. 30 September 2024
විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28 එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් 06 කට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වන දින සිදු කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (30) දින නියම කළේය. 30 September 2024
ව්යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත අමාත්ය විජිත හේරත් මහතා ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය. 30 September 2024
හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා හොරණ දිස්ත්රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති 30 September 2024
අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව ශ්රී ලංකා නාවික හමුදාව සදහන් කරයි. 30 September 2024
අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 30 September 2024
බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි. 30 September 2024
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. 30 September 2024
විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් ද සමග අද (30 ) අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් සමත් වී සිටිති . 30 September 2024
අත අහිමි දැරියට අලුත් අතක් මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැනැත්තිය අනම්තා අහ්මද් නමැති මෙම දැරිය බවත් විදෙස් මාධ්ය පවසයි. 30 September 2024
අදත් තැනින් තැන වැසි දිවයිනේ බොහෝ ප්රදේශවල, සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 30 September 2024
හිටපු ප්රා.සභා මන්ත්රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයකු ගමන් ගත් යතුරු පැදියක පැති කන්නාඩි ගැටීමෙන් ඇතිවුණු ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුළත් වී ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි. 30 September 2024
පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ පානදුර ප්රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්රදේශයේ තොටුපල පාරේ ගමන්කල ලොරි රථයකට සිදුකළ වෙඩිතැබීමකදී මෙසේ තුවාල ලබා ඇති බව වාර්ථාවේ. 30 September 2024
ඊශ්රායල ප්රහාරයෙන් 105 ක් මරුට ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්රායල ප්රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්ය අමත්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 30 September 2024
ඊශ්රායලයෙන් යේමනයට ප්රහාර යේමනයේ, හිස්බුල්ලා සහ ඉරාන හිතවාදී, හවුති කැරැලිකරුවන් ඉලක්ක කරමින්, ඊශ්රායල හමුදා ප්රහාර මාලාවක් එල්ල කළේය. 30 September 2024
පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක් ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර ඇත. 29 September 2024
‘‘කඩාකප්පල් කිරීම් නොව ප්රගතිශීලීව රටේ ප්රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘ ජනතාවගේ ප්රර්ථනා ඉටුකරන ප්රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්රගතිශීලීව රටේ ප්රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. 29 September 2024
ඉරානයේ අධ්යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට ඊශ්රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවත් ඔහුගේ ආරක්ෂාව තවත් දැඩි කර ඇති බවත් විදෙස් මාධ්ය වාර්තා කළේය. 29 September 2024
මැති ඇමැති ආරක්ෂක ගිනි අවි යළි ගනී පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්රී සේවා අංශය එම ගිනි අවිය ලබාගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලිඛිතව දන්වා ඇත. 29 September 2024
අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි තමා විදේශ රටවලින් නීත්යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් තාඔුගල මහතා තමන් එලෙස උපයා ගත් ධනය සමහර දේශපාලඥයන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් කොල්ලකෑවේ යැයි අනුරාධපුර අතිරේක මහේස්ත්රාත් මනෝදි හේවාවසම් මහත්මිය හමුවේ පැවසීය. 29 September 2024
ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි මහ මැතිවරණය සඳහා අවශ්ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය. 29 September 2024
පහේ ගැටලුකාරී ප්රශ්න තුනට කාටත් ලකුණු දෙයි ශිෂ්යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධයෙන් සෙවීමට පත් කළ විද්වත් කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි අධ්යාපන විද්ය හා තාක්ෂණ අමාත්යාංශය පවසයි. 29 September 2024
යුද හමුදා ධජයන්ට සෙත් පතයි හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිලධාරීන්ගේ ප්රධානත්වයෙන් ශ්රී දළදා මාලිගාවේ දී සිදුකෙරුණි. 29 September 2024
මෙවර සාපෙළ විශිෂ්ටයෝ අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ 2023(2024) ප්රතිඵලවලට අනුව දිවයිනේ ප්රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග සමත්ව සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 29 September 2024
නව සඳ අද සිට අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්රහකයකි. 29 September 2024
සනත් වසරකට පත්කරයි ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබේ. 29 September 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026