
(ප්‍රදීප් කුමාර)
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.
එහිදී අදාළ ඉන්දියානු යාත්‍රා දෙක සමඟ ඉන්දියානුවන් 17 කුඩා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉකුත් 29 දා නාවික හමුදාව මෙම වැටලීම සිදු කොට තිබේ.
උතුරු නාවික විධානය මගින් මන්නාරමට උතුරු මුහුදු සිමාවේ මෙරට මුහුදු සීමාව තුල මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දියානු යාත්‍රා රැසක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒවා පලවා හරිම සදහා මෙහෙයුමක් දියත් කොට තිබේ.
ඒ අනුව උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා හා වෙරළබඩ මුර යාත්‍රා යොදා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගන්න ලද යාත්‍රා 02 ක හා ඉන්දියානුවන් 17 දෙනා තලෛමන්නාරම ජැටිය වෙත රැගෙන එමෙන් අනතුරුව ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සදහා ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කොට තිබේ.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි