
(රංජිත් රාජපක්ෂ )
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක් කෙරිණි.
උදැසන පාසල් ළමුන් ප්‍රවාහනය කිරිමෙන් අනතුරුව එම බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසිය ඉදිරිපිටට රැගෙන විත් එම වාහන වල තිබෙන සියළුම අඩුපාඩුකම් රියදුරන් වෙත පෙන්වා දි එම අඩුපාඩුකම් සපුරා ගැනිමට දින 14 ක කාලයක් ලබාදිමට පියවර ගැණින.
එම කාලය අතුරතුර හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් පෙන්වා දුන් අඩුපාඩුකම් සපුරා නොගන්නා බස් රථ සහ වෑන් රථ නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට යොමු කර එම වාහන ධාවනයෙන් ඉවත් කිරිමට හෝ එම වාහන වල හිමිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සඳහන් කළේය.
හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතාගේ උපදෙස් මත හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගේ අධික්ෂණය යටතේ මෙම වාහන පරික්ෂා කිරිම සිදු කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටපුරාම ක්‍රියාත්මක විය යුතු දෙයක්. දරුපැටවුන්ට කිසිම පහසුකමක් නැතිව, අනතුරුදායක විදිහට, සල්ලි හම්බකරන පරමාර්ථයෙන් විතරක් දුවන කසිකබල් වාහන එමටයි...!