
(ගයාන් සූරිය ආරච්චි)
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක පැති කන්නාඩි ගැටීමෙන් ඇතිවුණු ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුළත් වී ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙකු රාජකාරී විවේකයෙන් පසු නිවසට ගොස් කිරි පැකට්ටුවක් රැගෙන ඒම සඳහා නැවත නිට්ටඹුව නගරයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තිහාරිය, වාරණ පාර ප්‍රදේශයේදී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරුපැදියේ ගැටී ඇති බව පොලිසිය කියයි.
එහිදී දෙදෙනාගේම යතුරුපැදිවල පැති කන්නාඩි ගැටී සුළු හානි සිදුව තිබූ බවත් එහිදී ඇති වූ බහින්බස්වීමකින් පසු කොස්තාපල්වරයා ඔහුගේ රාජකාරී හැඳුනුම්පත පෙන්වා තමා පොලිස් නිලධාරියකු බව පවසා ඇතැයි පොලිසිය පවසයි.
අනතුරුව දෙදෙනාම වීරගුල පොලිසිය වෙත යමින් සිටියදී නැවතත් බහින්බස්වීමක් ඇතිවී එය ගුටිබැට හුවමාරුවක් බවට පත්වී ඇති අතර පසුව දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුළත් වී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට ගොඩගන්න එන දේශපාලනඥයන්ගේ සහ නීතිය ආරක්ෂාකිරීමට බැඳී ඇති පොලීසියේ සාමාන්‍ය වැඩ දිනයක සිදුවීමක්. අපි හැමෝම මේ වගේ දේවල් ආදර්ශයට අරගෙන ජීවත්වෙන්න උත්සාහ කරන්න ඕන.
ප්‍රශනයක් විසඳාගන්න ගුටි බැට හුවමාරු කරගන්නේ ප්‍රශ්න විසඳා ගන්න තරම් බුද්ධියක් නැති සතුන් හා සමාන අය
වැරැද්ද පිළිගෙන නිහතමානීව සහ සාමකාමීව ප්‍රශ්නය විසඳගන්න බැරි උද්දඤ්ඤ කමින් පිරුණු මිනිසුන්
මම නම් දරාගත හැකි පාඩුවක් වුණොත් හිනාවෙලා යනවා ඇරෙන්න පාරෙදි වන අත්වැරැදි හිතාමතා කරන දේවල් නොවෙයි, වැරැදි කල්පනා ඇතිව එනවා... අද කාලේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න අනුව...!