
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධයෙන් සෙවීමට පත් කළ විද්වත් කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි අධ්‍යාපන විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.
2024 සැප්තැම්බර් 15 වන දින පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ඇතුළත් ප්‍රශ්න විභාගයට කලින් සාකච්ඡා කරන ලදැයි ඉදිරිපත් වූ පැමිණිලි සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව වහාම විමර්ශන ආරම්භ කළ අතර එම විමර්ශන වලදී අනාවරණය වූයේ පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න ඇතුළත් ලේඛනයක් විභාගයට පෙර සාකච්ඡා කර ඇති බවත්, එය පෙර දින සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බවත් ය.
මේ සම්බන්ධයෙන් ගතයුතු වඩාත් සුදුසුම ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා අධ්‍යාපනඥයින්, අධ්‍යාපන මනෝවිද්‍යාඥවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් හා සංඛ්‍යානය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත දේශීය හා විදේශීය විශේෂඥ කමිටුවක් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරිය විසින් පත් කෙරිණි.
විභාගය නැවත පැවැත්වීම අවුරුදු 10ක පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් හා පීඩාවක් ඇති කරන බවත්, දරුවන් සියලු දෙනාට සාධාරණයක් ඉටු කිරීම අත්‍යාවශ්‍ය බැවින් සුදුසුම විකල්පය ලෙස අදාළ ප්‍රශ්න සඳහා ලකුණු ලබාදීම සුදුසු බව එම විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබේ.
මේ අනුව ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් ආරම්භ කර අප්‍රමාදව ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් කියයි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
Sagara Sunday, 29 September 2024 10:40 PM
හොරුන්ට අවශ්‍ය විසඳුම ඔබතුමිය දුන්නා. හොරු අල්ලන්න කියලා ආපු ඇමතිතුමියව අන්තිමේ හොරු ඇල්ලුවා. බලයට එන්න කලින් නම් කයිවාරු කෝටියයි. :D :D
fairoos Monday, 30 September 2024 11:03 AM
ඉතාම හොඳ තීරණයක්