
(රෝෂන් තුෂාර)
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් 06 කට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වන දින සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) දින නියම කළේය.
නඩුවේ සාක්ෂිකාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙනිය මහතා අද සාක්ෂි ලබා දුන්නේය .
2016 පෙබරවාරි 6 වැනි දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබිණි.
මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුට හොර පාස්පෝර්ට් නඩු , අයථා ලෙස මුදල් උපයාගැනීම පිලිබඳ නඩු , වැනි වසර ගණනක් මුල් බැහැලා අල වෙච්ච නඩු කිහිපයක් තිබෙනවා. , පසුගිය කාලවල හිටපු පොලිස් ඇමැතිවරුන්ගේ සහ දේශපාලන බලපෑම් වලට යටත්වුණූ නීතිපති දෙපාර්තමේන්තුව , ඉතා නිද්‍රශීලී පිළිවෙනතක් මොහුට විරුධව අනුගමනය කළ ,බලමු නව ආණ්ඩුව යටතේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල ? සමහර විට එකට දේශපාලනය කරපු පරණ යාලුවෝ නිසා මෙයාට මෙතනිනුත් ලිස්සල යන්න පුළුවන් කම තිබෙනවා ,අපි කලබල නොවී බලා ඉමු ගඟ ගලන්නේ කුමන දිශාවටද කියල ?
තියෙන අනික් චෝදනා ගැනත් සොයා බැලීම වටිනවා .වාචාල කටක් ඇති, කැත විදියට මඩ ප්‍රචාර ගෙනියන දූෂිතයෙක් විමලසිරි හෙවත් විමලේ?