IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28

(රෝෂන් තුෂාර)

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු  එම පක්ෂයේ  සාමාජිකයින් 06 කට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය  ඔක්තෝබර්   මස 28 වන දින සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ  ගමගේ  මහතා අද (30) දින නියම කළේය.

නඩුවේ සාක්ෂිකාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත  පනාමල්දෙනිය මහතා අද සාක්ෂි ලබා දුන්නේය .

2016 පෙබරවාරි 6 වැනි දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබිණි.

මංමාවත් පනත යටතේ හා පොලිස්  ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව  මෙම නඩුව ගොනු කර ඇත.



අදහස් (4)

විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28

de silva Monday, 30 September 2024 01:31 PM

මොහුට හොර පාස්පෝර්ට් නඩු , අයථා ලෙස මුදල් උපයාගැනීම පිලිබඳ නඩු , වැනි වසර ගණනක් මුල් බැහැලා අල වෙච්ච නඩු කිහිපයක් තිබෙනවා. , පසුගිය කාලවල හිටපු පොලිස් ඇමැතිවරුන්ගේ සහ දේශපාලන බලපෑම් වලට යටත්වුණූ නීතිපති දෙපාර්තමේන්තුව , ඉතා නිද්‍රශීලී පිළිවෙනතක් මොහුට විරුධව අනුගමනය කළ ,බලමු නව ආණ්ඩුව යටතේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල ? සමහර විට එකට දේශපාලනය කරපු පරණ යාලුවෝ නිසා මෙයාට මෙතනිනුත් ලිස්සල යන්න පුළුවන් කම තිබෙනවා ,අපි කලබල නොවී බලා ඉමු ගඟ ගලන්නේ කුමන දිශාවටද කියල ?

:       3       25

අරුණ Monday, 30 September 2024 04:19 PM

වසන්ත සමරසිංහගේ දේපල වංචා පිලිබඳ නඩුත් මේ වගේ ඉක්මනටම කැඳවා අවසන් වෙනවා නම්!

:       3       7

අරවින්ද මොනරවිල Monday, 30 September 2024 04:50 PM

එහෙමද ආසා සිල්වා?

:       0       3

විපරමා Monday, 30 September 2024 04:08 PM

තියෙන අනික් චෝදනා ගැනත් සොයා බැලීම වටිනවා .වාචාල කටක් ඇති, කැත විදියට මඩ ප්‍රචාර ගෙනියන දූෂිතයෙක් විමලසිරි හෙවත් විමලේ?

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site