
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති
රෝහල් බලධාරීන් රෝහල් අභ්‍යන්තරය තුළ ඉතා ක්‍රමානුකූලව අවම පහසුකම් යටතේ වුවද ඉතා පිරිසිදු තත්වයේ තබා ගැනීමට උත්සාහ දැරුවද රෝහලට පිවිසෙන ප්‍රධාන දොරටුව දෙපස කානු පද්ධතිය සහ අවට දැඩි අපිරිසිදු තත්වයක පවතින බව ජනතාව පෙන්වා දෙති.
කානු පද්ධතිය තුළ ටින් කැබලි ප්ලාස්ටික් කැබලි ,පොලිතින් ආදිය දක්නට ලැබෙන අතර නිසි අයුරින් ජලය බැස නොයාම හේතුවෙන් ඩෙංගු කීට අවධානමක් ද ඇතිවිය හැක
හොරණ නගර සභා ප්‍රාදේශීය සභා යන ආයතන වලින් සමන්විත වුවද ඒවා නමට පමණක් පිහිටා තිබීම හේතුවෙන් පිරිසිදු තත්ත්වයේ තිබිය යුතුම රෝහල ඉදිරිපිට තත්ත්වය මේ ආකාරය නම් අන් ස්ථාන ගැන අමුතුවෙන් කිව යුතු නැතැයි ඔවුහු පෙන්වා දෙති
රෝහලට යාබදව පිහිටා තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ එහි සේවය කරන නිලධාරීන්ට අවට තිබෙන අපිරිසිදු තත්ත්වය නොපෙනීමද කණගාටුවට කරුණක් බව ඔවුහු පවසති
වගකිවයුතු රාජ්‍ය ආයතනවල බලධාරීන්ගේ අවධානය යොමු වී විශේෂයෙන් හොරණ රෝහල ඉදිරිපිට මෙන්ම ඒ අවට මාර්ගය පිරිසිදු කිරීමට අවශ්‍ය කටයුතු කරන මෙන් රෝහලින් සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව ඉල්ලා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද එක්තරා පළාත් පාලන ආයතනයක මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ කාර්‍යාලයට යාබදව තියෙන වැසිකිළියත් ඔය කියන ආකාරයට තමයි තියෙන්නේ...! ඒත් උන්නැහේලා අනෙක් අයගේ අඩුපාඩු තමයි බලන්න එන්නේ... ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට... කියනදේ ඔවුන් දන්නේ නැද්ද කියලා හිතෙනවා..!