
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
වල් පිට ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙසේ තුවාල ලබා ඇත .
මෙම පුද්ගලයා කිසියම් අවශ්‍යතාවයක් සඳහා ප්‍රදේශයේ වන ලැහැබකට ගිය අවස්ථාවේ දී මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ .
වන සතුන් දඩයම් කිරීම සඳහා කිසිවකු විසින් මෙම බඳින තුවක්කුව අටවා ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති අතර එම පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලිස් පරීක්‍ෂණ පැවැත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd