
(කේ. බුද්ධික කුමාරසිරි)
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ගේ දෙමාපියන් බව කියන පිරිසක් අද (30) දින පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවය නිරත වූහ.
අදාල විභාගය සම්බන්ධයෙන් ඇතිවූ තිබූ ගැටලුකාරී තත්ත්වය නිසාවෙන් ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් විද්වත් කමිටුවක් පත් කළ අතර අදාළ ප්‍රශ්න තුනක් සදහා සම්පූර්ණ ලකුණු ලබා දීමටත් යළි ශිෂ්‍යත්ව විභාගය නොපැවත් වීමටක් එම විද්වත් කමිටුවේ තීරණය කර තිබුණි.
මෙහිදී විරෝධතාකරුවන් පවසා සිටියේ ශිෂ්‍යත්ව විභාගයේදී ලබා දී තිබූ ප්‍රශ්න අටක් විභාගයට පෙර පිටස්තර පුද්ගලයන් වෙත ලැබී තිබූ බවට අදාළ සාක්ෂි සහිතව විභාග කොමසාරිස්වරයාට ඉදිරිපත් කර තිබියදීත් ප්‍රශ්න තුනක් ගැන පමණක් සඳහන් කරමින් කටයුතු කර ඇති බැවින් මෙය ඉතා අසාධාරණ තීන්දුවක් වන බැවින් යළි විභාගය පැවැත්වීමටත් එම ප්‍රශ්න පිටතටයි ලබා දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටින ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නේ තියෙන්නේ මෙනෙවිය ගත්තු තීරණය නිසා. හරි පරිණතයි කිව්වාට කොහේද පරිණත?
ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී කියන්නේ මේ වගේ ප්‍රශ්න වලට. නිකං හරි විභාගේ තියන්න තීරණය කලොත් තව සෙට් එකක් එයි බෝඩ් උස්සගෙන. බලමු අලුත් රජය මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා
විභාගේ ආයෙත් තියනවා නම් පේපර් එක පන්නපු උන්ගේ දේපල රාජ සන්තක කරලා වියදම පියවා ගන්න
මිනිසුන්ට පිස්සු වැටිලා තියෙන්නේ . විභාගේ නැවත තිබ්බාම හොඳට ලියපු ළමයින් සේරම ෆේල් වෙනවා. දරුවන් ඕවා මතකේ.තියාගෙන ඉන්නෙ නෑ හැමදාම.
කාටත් අසාධාරණයක් වෙලා නැහැ. ආයෙමත් මොකටද විභාග...? ළමයි ආයෙමත් මානසිකව පීඩා විඳිනවා. දෙමව්පියන්ටත් හොඳටම පිස්සු...
මාලිමා කට්ටිය තමයි මේවා පුරුදු කලේ, නැත්නම් එක පාරට මේ කට්ටිය එකතු වෙන්නේ කොහොමද? දහ දෙනෙක් උස්සලා බලන්න... එකෙක්ගේ ළමයෙක් විභාගේ කරලා නැහැ... ලාල් කාන්තට කියන්න එයා කට්ටිය විසුරුවලා දෙයි. නැත්නම් අම්බානකට මොවුන්ට කෙලියා නම් හරි. අලුත් ආණ්ඩුව දීලා තියන විසඳුම හරියට හරි...!
මේ දෙමවියන්ට පිස්සු ,තව පාරක් විභහගය තියනවා කියන්නේ වියදම විතරක් නෙමේ .ළමයින්ට කොච්චර පීඩනයක්ද .ඔය විභහගය නවත්වලාම දාන්න ඕන
ආයි ශිෂ්‍යත්වය තියන්න එපා.ළමයින්ට මානසික පීඩනයක්.ඔය දෙමව්පියෝ රැස්වුනාට.ළමයි කවුරුත් කැමති නෑ ආයි ශිෂ්‍යත්වය ලියන්න.ළමයින්ගෙන් අහල බලන්න.අවුරුදු පහක් තිස්සේ ඉගෙන ගත්ත හැමදේම මේ ළමයි එතනින් නිදහස් කරනවා. මේ ළමයි කොරෝනා වලටත් අවුරුදු දෙකක් ඉගෙනීම නැතිවුණ ළමයි.ඊළඟට අවුරුදු තුනෙන් තමයි අර කලින් කරපු පාඩම් කරේ.ඉතින් ශිෂ්‍යත්වයක් කියලා මේ ළමයින්ටපොඩි කාලයක් තුල තමයි ඉගෙනීම් කටයුතු කළේ.අපේ ළමයිව ගොඩාක් උත්සාහ කරේ අපේ ගුරුවරු.මෝඩ තීරණ ගන්න එපා දෙමව්පියන්ට කියන්නේ?බොරු ලකුණක් අරගෙන ලොකු ඉස්කෝලෙකට ගිහින් වැඩක් තියෙනවද?ඊට පස්සේ ඒ ළමයාගේ අධ්‍යාපනය කොයි තත්වෙක තියෙයිද?දක්ෂ ළමයා ඉදිරියට යයි.අදක්ෂ ළමයා එතනින් හැලෙයි.අනේ ළමයින්ට පීඩනය දෙන්න එපා.