
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අවිය ලබාගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් එම ආරක්ෂක ගිනි අවිය ලබාගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී ඇති සියලුම පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ම අහෝසි වී යන්නේය.
මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩලයට දෙන දීමනා. ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු මෙසේ අහිමි වන පහසුකම්ය.
කෙසේ වෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දින තෙක් පාවිච්චි කිරීමට ඔවුනට ඉඩ කඩ සලසා දී ඇත. මහ මැතිවරණයෙන් යළි තේරී පත්නොවන මන්ත්‍රීවරුන් සියලු දෙනා ඡන්ද විමසීමෙන් පසු දිනම එම නිල නිවාස යළි භාර දිය යුතුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එව්වා භාර දුන්නාට ඒගොල්ලො ගාව ගල් කටස් ඇතිනෙ?
මිනිස්සුන්ට කරදර කලේ නැත්තං කාගෙන් ආරක්ෂා වෙන්නද? වැඩිම උනොත් කරපු ජරාවැඩ හින්දා, මිනිස්සු මූණට කෙල ගහයි. ඒකට ෆේස් මාස්ක් එකක් හොඳටම ඇති.
බයියන්ට දැන් සැපද? ජයවේවා මාලිමාවට
නියම වැඩේ, මිනිස්සුන්ට වැරැදි කරලා නැතිනම් බයවෙන්න ඕනෑ නැහැ. මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි කොල්ලුපිටියේ හවසට ඇවිදගෙන යනවා දැකලා තියෙනවා මම...
පාතාලයෙන් බාගයක්ම නිරායුධ කෙරුවා හා සමානයි.
බොහොම හොඳයි .මේ කඟවේනුන්ගේ අංග කපන එක කල යුතුය .මුන්ගේ හිතේ එවුන් තමයි නීතියට උඩින් ඉන්න දෙවිවරු කියලා .බිමට බස්සන කාලය හරි
අපි මාලිමාවට දීපු චන්දය ගැන සතුටු වෙනවා .ජනාධිපතිතුමාට ජයවෙව්වා
ප්‍රංශ විප්ලවය කාලයේ මානසිකත්වයක අපේ බොහෝ දෙනෙක් ඉන්න බව මෙහි සහ වෙනත් තැන්වල දක්නට ලැබෙන කමෙන්ට් වලින් හිතෙන්නේ. හරි වැරැද්ද නිසි ලෙස සොයලා කටයුතු කරමු. ලාල් කාන්තට බෙදන හැන්ද අනික් අයටත් බෙදන්න යොදාගන්න. අලුත් පාලනයේ සහ ඊට සහයෝගය දෙන බොහෝ අයගෙන් දකින්න ලැබෙන දේ තමයි විරුද්ධවාදීන් උල තියන්න කතා කරාට තමන්ගේ අයගේ වැරදි දැන්ම තියා යට ගැහීම. එතකොට පාවෙන ඡන්ද දායකයන් වන අප වගේ අයට ඔබලාගේ පක්ෂය ගැන දෙපාරක් හිතන්න ඕනෑ. හරි දෙය කරලා පෙන්වන්න. කාටත් එකම හැන්දෙන් බෙදන්න.