
( ප්‍රසාද් රුක්මල් )
බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප්‍රහාරයට ගොදුරු වී තුවාල ලැබු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි .
පවතින වර්ෂාවත් සමඟ විදුලි රැහන් දිගේ වැසිජලය දෙබර කූඩුව තුලට ගලායාමෙන් මෙසේ දෙබරු ඇව්ස්සී ඇතැයි ඒ අවට ජනතාව පවසති .
දෙබරු මෙසේ ඇවිස්සි ඒ අවට නිවෙස් තුළ සිටි උදවිය ට මෙන්ම එම අඅවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි කිහිපදෙනක් ට විද්ද බවද දෙබර ප්‍රහාරයට ගොදුරු වූ වන් කීහ .
මින් කිහිපදෙනක් දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ගොස් ප්‍රතිකාර ලබා පැමිණි බවත් , මෙම අනතුරුදායක දෙබර කූඩුව සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු නිළධාරීන්ට දැනුම් දුන්නත් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඒ අවට නිවාස හිමියන් සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙබරු ඇන 10 කට තුවාල