IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවත් ඔහුගේ ආරක්ෂාව තවත් දැඩි කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරානයේ ප්‍රධානියාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුව මෙලෙස හෙළි නොකළ ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවත් ඉරානයේ අනුග්‍රහය ලබන ප්‍රබලතම සංවිධානය වන හිස්බුල්ලා වෙත ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එල්ල කරන ප්‍රහාර හමුවේ ඉරානය සිය අධ්‍යාත්මික නායකයාගේ ආරක්ෂාව පිළිබඳ දෙගිඩියාවෙන් පසුවන බව මෙම තීරණයෙන් පෙන්නුම් කරන බවත් විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ.

එලෙස ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන යාමට ප්‍රථම ඉරාන අධ්‍යාත්මික නායකයා නසරල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් කරමින් පණිවුඩයක් නිකුත් කර ඇති බවත් හිස්බුල්ලා නායකයාගේ ඝාතනයට ඊශ්‍රායලයට නිසැකවම ඉරානයෙන් මෙන්ම හිස්බුල්ලා සංවිධානයෙන්ද පිළිතුරු ලැබෙනු ඇති බව එහි දැක්වෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම හිස්බුල්ලා නායකයාගේ මරණය හේතුවෙන් ඉරානයේ දින 5 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටද ඉරානය ආධ්‍යාත්මික නායකයා කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයේ දැඩි ආක්‍රමණශීලිත්වය නිසැකවම ඔවුන්ට පසුතැවීමට හේතුවක් වනු ඇති බවත් ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කළත් එහි ඉරණම හිස්බුල්ලා සංවිධානය තීරණය කරනු ඇති බවත් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි නිකුත් කළ පණිවුඩයේ දැක්වේ. ඉරාන හමුදාවේ ප්‍රධානියෙක්ද පසුගිය සිකුරාදා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව බේරුට් නගරයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගොස් ඇතැයිද පැවැසෙයි.

හිස්බුල්ලා නායකයා ඝාතනය කිරීමේ මෙහෙයුමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින්ම අනුමැතිය ලබාදී ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඉරානයටද අනතුරු අඟවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලයේ දිගු හස්තයට ඉරානයේ හෝ මැද පෙරදිග කලාපයේ ළඟා නොවිය හැකි තැනක් නොමැති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි පැවැසෙයි.

හසාන් නසරල්ලා ඝාතනය කිරීමත් සමග ඉරානය ඊශ්‍රායලයට පහර දීමට ඉඩ ඇති බැවින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙම අනතුරු ඇඟවීම කර ඇතැයි විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ. යමෙක් ඔබව මරා දැමීමට උත්සාහ කරන්නේ නම් ඔහුව පළමුව මරා දැමිය යුතු බවත් ඒ ආකාරයෙන් ඊශ්‍රායලය හිස්බුල්ලා නායකයා ඝාතනය කළ බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අනතුරු ඇඟවීම නිකුත් කරමින් පැවැසුවේය.

 



අදහස් (8)

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට

Ahmed (Gulf) Monday, 30 September 2024 01:25 AM

නියමයි නෙතන්යාහු මහත්මයා.

:       1       7

Justin Monday, 30 September 2024 07:34 PM

ඔවුන් ආගමික නායකයන් නොවේ. ඔවුන් සාතන්ගේ පුත්‍රයෝ ය. අපි ඔවුන් සියල්ලන්ම මරා දැමිය යුතුයි.

:       1       0

අන්තවාදයට එරෙහි වන්න Monday, 30 September 2024 05:06 AM

ගොක් කොළ පේනවා නේද කමේනි අත්තප්පෙ?

:       1       6

රට වැසියා Monday, 30 September 2024 08:43 AM

ලෝකයේ කොහේ ක්‍රියාත්මක වුණත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි, එයට ඇති එකම විසඳුම දැඩි සන්නද්ධ උපක්‍රම වලින්ම පමණක් පිළිතුරු දීමයි....!

:       2       6

Mohan Monday, 30 September 2024 09:14 AM

මූ අමු ත්‍රස්තවාදියෙක් . එළිපිටම උදව් කෙරනවා ත්‍රස්තවාදීන්ට...

:       6       22

සුධීර Monday, 30 September 2024 11:00 AM

ත්‍රස්තවාදියෙක් කොහොමද ආධ්‍යාත්මික නායකයෙක් වෙන්නේ!!! එම තනතුර නිර්මාණය කරලා තියෙන්නේ සාමය වෙනුවෙන් නොව භීෂණය ඇති කිරීමටයි. ඉරානයේ ජනතාවගේ හතුරා මූ යි.

:       3       11

fairoos Monday, 30 September 2024 11:15 AM

එකනේ ලංකාවටත් උදව් කරා නේද?

:       1       1

නිරාගමිකයා Monday, 30 September 2024 11:39 AM

ලෝකයේ සිවිල් සාමාන්‍ය මිනිසුන්ට කරුමයක් වූ මේ ආගමික අන්තවාදී මානසික රෝගීන් වහාම අතුගා දැමීම කළ යුතුය . අදහන ආගමේ බලයෙන් මේකාවත් රකින්නට බැරී නිසා නේද හැංගිලා අනිත් උන් මරන්න අණ දෙන්නේ. ඉපදෙන කොටම ආගමක් අනුව අවයව වෙනස් කරලා මැරෙනකං මානසික පීඩනයකට බය කරලා මිනිසුන් පාවිච්චි කරන මේවා ආගම් නෙමෙයි මානසික රෝග .ඒකයි උන් ලෝකයේ අනිත් සාමාන්‍ය මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන්නේ.

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site