වෛද්යවරුන්ගේ ගැටලු විසඳුම් නොදුන හොත් දැඩි පියවර ගන්නවා වෛද්ය සේවාවට මෙතෙක් ලැබුණු ප්රතිලාභ සහ වරප්රසාද අත්තනෝමතික ලෙස කප්පාදු කිරීමෙන් ඇතිව තිබෙන ගැටලුව විසඳීමට පාලකයන් කඩිනමින් පියවර ගැනීමට අපොහොසත් වන්නේ නම් අවසානයේදී වෘත්තීය ක්රියාමාර්ගවලට වුවද යොමුවීමට සිදුවන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 24 February 2025
සමනල රක්ෂිතයේ ගින්නක් :පාලනයට ගුවන් හමුදා සහාය නල්ලතන්නිය සමනල ස්භාවික රක්ෂිතයේ ඊයේ (23) දින පස්වරුවේ හටගත් ගින්න සිඝ්රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවත්, ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය ඉල්ලා ඇති බව හැටන් වන අඩවි ආරක්ෂක වි.ජේ.රුක්ෂාන් මහතා පැවසිය. 24 February 2025
අපි කියද්දි නායකතුමාලා අරගලයට ගියා නම් ආණ්ඩුව අපේ අතේ අරගලයට ගහන වෙලාවේ අපේ නායකතුමා ලා කට්ටිය එහි ගියා නම් අද ආණ්ඩුව අපේ වෙන්නත් තිබුණා යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 February 2025
සංජීවට වෙඩි තැබූ බව කියන හිටපු සෙබළා රඳවා ප්රශ්න කරන්න අවසර අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබූ හිටපු කොමන්ඩො සෙබළ සැකකරු හා ඔහුගේ රියදුරු දින 90ක් පොලිස් භාරයේ රඳවා ප්රශ්න කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනුජා ලක්මාලි මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට අද(24)අවසර ලබා දුන්නාය. 24 February 2025
සුව ඇමති- ආයුර්වේද වෛද්ය නිලධාරී හමුවක් ආයුර්වේද වෛද්ය සේවාවේ පවතින ගැටළු කිහිපයකට කඩිනමින් විසඳුම් ලබාදීමේ අරමුණින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ ආයුර්වේද වෛද්ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරීන් අතර විශේෂ හමුවක් සෞඛ්ය අමාත්යාංශයේ දී පැවැත්විණි. 24 February 2025
උසස් නිලතල කාරක සභාවට හරිනි පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ සභාපති ධුරය සඳහා අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙනවිය පත් කර තිබේ. 24 February 2025
අනතුරින් මෝටර් රිය-යතුරුපැදිය ගින්නෙන් අළු වෙයි වවුනියාව, පූන්තෝට්ටම් හීදි මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් මොටර් රථය හා යතුරුපැදිය අද (24) උදෑසන සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වි ඇතැයි වවුනියාව පොලිසිය කියයි. 24 February 2025
අණ නොතකා ගිය රියට වෙඩි:කේරළ ගංජා සමඟ යුවළක් කොටුවෙයි මාලබේ හෝකන්දර විස්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට වෙඩි තබා නවැත්වීමට කටයුතු කර එම මෝටර් රථය සෝදිසි කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ දෙකකට ආසන්න ප්රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව මාලඹේ පොලිසිය පවසයි. 24 February 2025
ඇමැති බංගලාවක් අල්ලස් කොමිසමට කොළඹ ඇමැති බංගලාවලින් එක් බංගලාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ පරිහරණය සඳහා බාර දුන් බව රාජ්ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් එස් . ආලෝක බණ්ඩාර මහතා පැවසීය. 24 February 2025
පස් කණ්ඩියකට යටවී එක්දරු පියා මරුට අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයෙකු පස් කණ්ඩියක් කඩා වැටී ඊට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 24 February 2025
ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත සියයට 38කින් ඉහළ ගිහින් මැතිවරණයෙන් පසුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ ජූලි මාසයේදී සියයට 24 ක් වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මේ වනවිට සියයට 62 දක්වා ඉහළ ගොස් ඇත. 24 February 2025
කොටහේන ඝාතනයේ මහ මොලකරු මාට්ටු කොටහේන, කොටහේන විදිය ජංගම දුරකථන උපාංග වෙළඳසලේ හිමි කරුට වෙඩි තබා ඝාතනය කිරීමේ මෙරට සැලසුම මෙහෙය වූ සහ ගිනි අවිය සැපයූ පුද්ගලයා මෝදර මෙත්සඳ සෙවණ ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 24 February 2025
ත්රිකුණාමලයෙන් නැගී එන බාලිකා ක්රිකට් සූරියෝ ත්රිකුණාමලය කන්තලේ මධ්ය මහා විද්යාලයේ 19 න් පහළ බාලිකා ක්රිකට් කණ්ඩායම දිවයිනේ සුපිරි කණ්ඩායම් හතර අතරට පත් වෙමින් සමස්ත ලංකා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත. 24 February 2025
අද රාත්රියේ සිට පළාත් කීපයකට වැසි අද රාත්රීයේ සිට ඉදිරි දින කීපයේදි උතුරු, උතුරු - මැද, නැගෙනහිර,ඌව සහ මධ්යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 24 February 2025
ජනපති ධුරය අත්හරින්න සූදානම් යුක්රේනයට සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් යුක්රේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත. 24 February 2025
ජර්මන් මැතිවරණයෙන් හිටපු විපක්ෂයට ජය ජර්මන් මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමි විය. ඒ අනුව, එම සන්ධානයේ ප්රධාන පක්ෂය වන කොන්සවර්ටිව් ක්රිස්තියානි ප්රජාතන්ත්රවාදී සංගමයට නායකත්වය දෙන ෆෙඩ්රික් මර්ස්, ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා වනු ඇත. 24 February 2025
පාප්තුමන්ගේ වකුගඩු ක්රියාකාරීත්වය අඩුවෙලා පෙනහලු ආසාදනයක් සහ ස්වසන ආබාධ හේතුවෙන්, රෝහල්ගතව ප්රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්තුමන්ගේ වකුගඩුවල ක්රියාකාරීත්වය මේ වනවිට යම්තාක් දුරකට අඩු වී ඇතැයි එතුමන්ට ප්රතිකාර ගබා දෙන වෛද්යවරු පවසති. 24 February 2025
පොලිස්පතිගෙන් කොමිසමට දොස් පොලිසියේ අභ්යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පැවැසීය. 23 February 2025
වෛද්යවරුන්ගෙන් රජයට චෝදනා වර්තමාන ආණ්ඩුව මීට පෙර පැවැති කිසිඳු ආණ්ඩුවක් නොකළ ආකාරයට අයවැය හරහා වෛද්යවරු දැඩි අපහසාත්මක තත්වයකට පත්කර ඇති බවත් වෛද්යවරුන්ගේ ද සහය ලැබූ ආණ්ඩුව වෛද්යවරු කබලෙන් ලිපට දමා ඇති බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 23 February 2025
මෙට්ටය යට ගිනි අවි,කඩු සැඟවූ කත රිමාන්ඩ් නිදන කාමරයේ මෙට්ටය තුල ගිනි අවි උණ්ඩ සහ කඩු සඟවා ගෙන සිටියදි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාව 28 වනදින දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද නියෝග කළාය. 23 February 2025
මාගම් වරාය හාරයි හම්බන්තොට ජාත්යයන්තර වරායේ තිබිය යුතු නියමිත ගැඹුර තැනින් තැන අඩුවිම හේතුවෙන් එය හෑරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇත. 23 February 2025
විදේශිකයනට දේශීය ආහාර වේලක් ඓතිහාසික දිඹුලාගල ආරණ්ය සේනාසනය වැඳ පුදා ගැනීමට සහ දැකබලා ගැනීමට පැමිණි එංගලන්ත ජාතිකයන් පිරිසකට ආරණ්ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සහ දායකයන් කිහිපදෙනකු ආගන්තුක සත්කාර වශයෙන් ඔවුනට දේශීය දහවල් ආහාර වේලක් ලබාදීමට කටයුතු කළහ. 23 February 2025
තෝරයායේ බස් අනතුරේ රියැදුරන්ගේ රියැදුරු බලපත්ර අත්හිටුවයි සිව්දෙනකුට මරු කැඳවමින් 24 දෙනකුට තුවාල සිදු කරමින් කුරුණෑගල බඩගමුව තෝරයාය සිදු වූ බස් රථ අනතුර සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් දෙදෙනාට ඇප නියම කළ කැරුණෑගල අතිරේක මහේස්ත්රාත් නුවන් කෞෂල්ය මහතා සැකකරුවන් දෙදෙනාගේ රියැදුරු බලපත්ර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස මෝටර් රථ කොමසාරිස්වරයාට නියෝග කළේය. 23 February 2025
සංජීව ඝාතනයේ තිදෙනකු රඳවා ප්රශ්න කරනන අවසර ගනේ මුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය භාරයේ රඳවාගෙන ප්රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂන කැකුණුවල මහතා හමුවේ කරුණු දක්වමින් අද පැවසීය. 23 February 2025
මන්ත්රීවරු ඝාතනය කරන හමුදාවක් පොහොට්ටුවේ නෑ අරගල කර මන්ත්රීවරු ඝාතනය කර ආණ්ඩු බලය ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණට සන්නද්ධ හමුදාවක් නොමැති බවත් වැඩ කර පෙන්වා ඇති පක්ෂයක් ලෙස ප්රජාතන්ත්රවාදීව පාලනයගැනීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 23 February 2025
සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගත් එස් අයි අත්අඩංගුවට පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප්රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් රුපියල් 650ක් වටිනා භාණ්ඩ සොරකම් කළ බව කියන පේරාදෙණිය පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (23) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 February 2025
ස්නායු ශල්ය වෛද්යවරුන් වැඩි කරන්න සැලසුමක් ස්නායු ශල්ය වෛද්ය විද්යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්ය අමාත්යාංශයේ පූර්ණ අවධානය යොමුවී ඇති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 23 February 2025
පුංචි ඡන්දෙට මුදල් වෙන් කරයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්ය මුදල් මේ වන විට රජය වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 23 February 2025
කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයට සූර්ය පැනල සවිකර කරයි කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගය හරහා ගමන් කරන වන අලි දුම්රියේ ගැටීම වැළැක්විම සඳහා ගල්ඔය හා හිඟුරක්කොඩ දක්වා කොටසේ අඩි 1520 ක සූර්ය පැනල සවිකර ආලෝකමත් කිරීමට තීරණය කළ බව නිවාස නියෝජ්ය අමාත්ය ටී.බී. සරත් මහතා පැවසීය 23 February 2025
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026