(සුගත් බද්දේගෙදර)
ත්‍රිකුණාමලය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනේ සුපිරි කණ්ඩායම් හතර අතරට පත් වෙමින් සමස්ත ලංකා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කළ 19 න් පහළ කාන්තා ලෙදර් පන්දු දෙවන පෙළ කාණ්ඩයේ කණ්ඩායම් අතර පැවැත් වූ තරගාවලියේ දී මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, මහනුවර ගෝතමී විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඇතුළු ප්‍රබල කණ්ඩායම් රැසක් පරදවමින් කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම මෙම ජයග්‍රහණය අත්පත් කරගෙන ඇත.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු ප්‍රගීත් චානක මහතා සහ පාසල් පුහුණුකරුවන් වන ඉමල්කා මෙනවිය හා සමිත අනුෂ්ක මහතා යටතේ මෙම ක්‍රීඩිකාවන් පුහුණුවීම් සිදු කර ඇත.
ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ 19න් පහළ පාසල් බාලිකා ලෙදර් කණ්ඩායමක් මෙවැනි ඉහලම ජයග්‍රහණයක් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙය බව පැවසෙයි. කණ්ඩායමට ජයග්‍රහණයේ ප්‍රභල සාධකයක් වූයේ සේරුවිල ප්‍රදේශයේ සිට මෙම පාසලට මෑතකදී පැමිණි එස්.එම්. භාග්‍යා සෙනවිරණත්න ක්‍රීඩිකාව බව ක්‍රීඩා භාර ආචාර්ය වාමර දිල්ෂාන් පැවසීය.
මෙම ජයග්‍රහණය තම විද්‍යාලයටත් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයටත් ඉමහත් ආඩම්බරයක් බවත් සමස්ත ලංකා ජයග්‍රහණය දක්වා ගමන් කිරීමට මෙම දියණියන්ට තමා සුබ පතන බවත් කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලක්ප්‍රිය බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ත්‍රිකුණාමලයෙන් නැගී එන බාලිකා ක්‍රිකට් සූරියෝ